ලංකාසර නිසා බලධාරීන් බැලුවා… රතු මුහුදේ තනිකළ නාවිකයෝ කියති

ග්‍රේ ෆාම් යාත්‍රාව....

සමුද්‍ර ආරක්ෂකයින් ලෙස සේවයට බැඳී අරාබි මුහුදේ ග්‍රේෆාම් නෞකාවේ කිසිදු පහසුකමක් නොමැතිව දැඩි දුෂ්කරතා මධ්‍යයේ   කල් ගෙවූ ශ්‍රි ලාංකිකයන් 64 දෙනා ඇතුළු 180 දෙනකු පිළිබඳව ලංකාසර විසින් කරන ලද හෙළිදරව්ව නිසා මේ වනවිට ඔවුන්ට සහන සැලසීමට අදාල අංශ පියවර ගෙන ඇති බව එම නැවේ සිට ලංකාසර ඇමතු කැලුම් දිසානායක  පැවසීය. 

පුද්ගලයන් 40ත් 50ත්  අතර ප්‍රමාණයකට නවාතැන් ගත හැකි මට්ටමේ වන මෙම ග්‍රේ ෆාම් නෞකාවේ මේ වනවිට 180 දෙනකු පමණ සිටින අතර ඔවුන්ට දැනට මාස හතරක පමණ කාලයක් තිස්සේ කිසිදු වැටුපක් හෝ ආහාර පාන හෝ ඖෂධ ඇතුළු වෙනත් මූලික පහසුකම්ද  ප්‍රමාණවත් නොවන පසුබිමක් තුළ කල් ගත කරනන්ට සිදුවීම පිළිබඳව ලංකාසර දිගින් දිගටම කරුණු හෙළි කළ අතර මේ පිළිබඳව අදාළ බලධාරීන්ගේ අවධානයට යොමු කරවන්නට ද කටයුතු කළේය.

මේ අනුව ඔවුන්ට පසුගිය සඳුදා වන විට හිඟව තිබූ වැටුප්වලින් මාස දෙකක වැටුප් ලබා දීමට අදාළ නෞකාවේ නියෝජිතයන් කටයුතු කළ අතර මේ වනවිට මෙම කණ්ඩායම වෙනත් නෞකාවලට මාරු කිරීමට ද පියවර ගෙන ඇති බව එම නාවිකයා  ප්‍රකාශ කළේය. එසේම ඔවුන්ට අවශ්‍ය වෙනත් මූලික අවශ්‍යතාවන්ද ලබා දීමට මේ වනවිට නෞකාව අයත් ඉන්දියානු මව් සමාගම පියවරගෙන තිබේ. 


කැළුම් දිසානායක   ලංකාසර වෙත තවදුරටත් ප්‍රකාශ කර සිටියේ ඒ අනුව මේ වනවිටත් නැවේ සිටි පිරිස අතුරින් 80 දෙනකු වෙනත් නැව්වලට මාරු කොට ඇති බවය. ඉදිරියේදී තවත් අය වෙනත් නෞකාවලට මාරු කර යැවීමට පියවර ගැනෙමින් පවතින බවය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සමුද්‍ර ආරක්ෂකයන් ලෙස මෙම පිරිස සේවයට බඳවාගෙන ඇති අතර ඔවුන්ට මාස හතරකට අධික කාලයක් අරාබි මුහුදේ මෙම නෞකාවේ එකම තැනට වී කල් ගත කිරීමට සිදු වූ අතර ඔවුන් පිළිබඳව අදාල මව් සමාගම කිසිදු සැලකිල්ලක් නොදැක්වූ නිසා ලංකාසර සහ බීබීසී මාධ්‍යවලට අමතමින් තමන් ආපසු ගෙන්වා ගන්නා ලෙස ශ්‍රි ලංකාවේ ජනාධිපතිතුමාගෙන්  විවෘතව ඉල්ලා සිටි බවද ඔහු පවැසීය. මෙම කාර්යයේදී ලංකාසර විසින් සිදු කරන ලද මෙහෙය එම නෞකාවේ සිටින ශ්‍රි ලාංකිකයන් සියලුදෙනා ඉහළින් අගය කරන බව සහ තම ස්තුතිය පළ කරන බවද කැලුම් දිසානායක   තවදුරටත් සඳහන් කළේය. 

Exit mobile version