ලංකාව ආර්ථික මරණ මංචකය මත… ලෝ ප්‍රකට ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හන්ක් නිවේදනය කරයි…

ලෝකයේ දෙවැනි උද්ධමනය වැඩි රට ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකය මරණ මංචකයේ පසුවන බව ජොන් හොප්කින්ස් සරසවියේ ලෝ ප්‍රකට ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීව් හන්ක් සිය ට්විටර් ගිනුමේ  සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

ඔහුට අනුව පසුගිය ජූනි 30 වැනිදා වනවිට ඔහු කළ ගණනයට අනුව ශ්‍රී ලංකාවේ  උද්ධමනය සියයට 117කි. එහෙත් ඊයේ යළි ට්විටර් සටහනක් තබමින් ඔහු කීවේ ඊයේ (03) කළ   ගණනයට අනුව එය සියයට 122ක් තෙක් වැඩි වී  ඇති බව ය.

“ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඇත්තේ මරණ මංචකයක. ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලත් ශ්‍රී ලංකාවට ඇප දීමේ ණය ක්‍රමවේදය ප්‍රතික්ෂේප කර තියෙනවා… ශ්‍රී ලංකා ආර්ථිකය සවිමත් කරගැනීමට ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල වැඩසටහන් 16ක්  සකස් කර දී තිබුණා. ඉන් එකක්වත් ක්‍රියාත්මක වී නැහැ.“

ඔහු සටහන් කර ඇත.


මින් පෙර ඔහු මෙම උද්ධමනය මැඩපැවැත්වීම සඳහා මහ බැංකුව වෙනුවට  1884 සිට 1950 තෙක් මේ රටේ පැවති  මූල්‍ය මණ්ඩලයක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවය  පෙන්වා දුන්නේය.

ජොන් හොප්කිස්න්ස් සරසවියේ මහාචාර්ය  ස්ටීව් හන්ක්ගේ ලෝ ප්‍රකට උද්ධමන දර්ශකයට අනුව ලංකාව පසුවන්නේ ලෝකයේ දෙවැනි උද්ධමනය වැඩි රට ලෙසය.

අපට ඉදිරියෙන් ඇත්තේ  සම්බාබ්වේ පමණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version