ලංකාවේ ලාබාලතම කොවිඩ් ආසාදිතයා මිය යයි… වයස දින 20යි…

නතාෂා නෙත්මිණි –

ලංකාවේ ලාබාලතම කොවිඩ් ආසාදිතයා අද කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී මිය ගියේය. ඒ දින විස්සක් වයසැති ළදරුවෙකි. තොටලඟ ප්‍රදේශයේ ජීවත් වූ මේ ළදරුවා ස්වසන අපහසුතාවක් නිසා රෝහල්ගත කර තිබිණි.  රෝහලට ඇතුළත් කරන විට නිව්මෝනියා තත්වයේ සිටි බවත් ඒ රෝගයෙන්ම ළදරුවා ජීවිතක්ෂයට පත් වූ බවත්, කීවේය. අනතුරුව කරන ලද පී.සී.ආර් පරී්ක්ෂණයකින් ළදරුවා කොවිඩ් ආසාදිතව සිට ඇති බවත් මරණයට හේතුව කොවිඩ් නිව්මෝනියාව බව තහවුරු විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් මේ ළදරුවාගේ මවටත් පියාටත් කොවිඩ් ආසාදනය වී නොතිබිණි. ළදරුවාගේ සිරුර කොවිඩ් නිරෝධානය නිතී යටතේ ආදාහනය කිරීමට නියම විය.

Exit mobile version