ලංකාවේ මුළු පොල්තෙල් අවශ්‍යතාව සපුරන්න පාරම්පරික නිශ්පාදකයන්ට හැකිලු…

සමන්තිකා වීරවර්ධන                                                              

වසරකට මෙරටට අවශ්‍ය පොල්තෙල් මෙට්ට්‍රික්ටොන් එක්ලක්ෂ අසුදහසක්  ලබා දීමේ හැකියාව පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ට පවතින බව නිෂ්පාදකයිනිගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා සඳහන් කරයි.

කර්මාන්ත කරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය  ලබා දීමට රජය වහාම කටයුතු කර ‌පොල් සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ තෙල් සහතිකකරණයත් සමග පාරිභෝගිකගියා අතට පත්කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන මෙන් හෙතෙම රජයෙන් විශේෂ ඉල්ලීමක් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පිරිපහදු නොකල ඉතා පහත් තත්ත්වයේ  තෙල් ඉතා අඩුමිලට මෙරටට ආනයනය කිරිම දිගින් දිගටම සිදුවෙන බවත්  මේ හේතුවෙන් විසකාරක ද්‍රව්‍ය ලංකාවට ඒම නතර කල නොහැකි බවද ඔහු පෙන්වාදේ.

 

Exit mobile version