ලංකාවේ දැවැන්තම ව්‍යාපාරිකයෙකුගේ අත්සන හොරට ගහලා… තිලංග සුමතිපාලට චෝදනාවක්!

සාපරාධී අපරාධයක්... අගතියට පත්වූ ව්‍යාපාරිකයා තිලංගලාගෙන් රුපියල් මිලියන 25ක වන්දියක් ඉල්ලයි!

ලංකාවේ ලොකුම තේ අපනයනකරුගේ බෑනාගේ අත්සන හොරට ගැසූ බවට තිලංග සුමතිපාලට චෝදනාවක් එල්ල වී තිබේ.

වාර්තාවන පරිදි තිලංග සුමතිපාල පාර්ශවය විසින්   හොරට ගැසූ බවට චෝදනා එල්ලවන්නේ  කොළඹ කොටස් වෙළෙඳපොලේ ලයිස්තුගත ප්‍රමුඛතම පෙළේ ආයෝජන සමාගමක් වන ඒෂියා කැපිටල් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ මාරියො රෙහාන් මොරිස්  ගේ අත්සනය.

එම සමාගමේ වාර්ෂික වාර්තාව ඇතුළු වාර්තාවලට නීති විරෝධි ලෙස ව්‍යාජව තමන්ගේ අත්සන යෙදූ බවට එම සමාගමේ සභාපති තිලංග සුමතිපාල   ඇතුළු පිරිසකට මෙසේ චෝදනා එල්ල වී ඇති බව ව්‍යාපාර ආරංචි මාර්ග සඳහන් කරයි.


ශ්‍රි ලංකාවේ ප්‍රධානතම තේ අපනයනකරුවා වන අක්බාර් බ්‍රදර්ස් සමාගමේ හිමිකරුගේ බෑනා වන මාරියෝ රෙහාන් මොරිස් මේ වනවිට තම අත්සන ව්‍යාජව යෙදූ වාර්තා සමාගම් වාර්තාවලින් සහ සමාගම් වෙබ් අඩවියෙන් ඉවත් කර ගන්නා ලෙස තම නීතීඥයින් මාර්ගයෙන් ඉල්ලා ඇති අතර මෙම සාපරාධි කටයුත්ත සම්බන්ධයෙන් තමන්ට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 25ක වන්දියක් ඉල්ලා ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රි ලංකාවේ පළමු ආයෝජන බැංකුව ලෙසින් සැලකෙන ඒෂියා කැපිටල් පොදු සමාගම කලින් කලට කොටස් වෙළෙඳපොල හුවමාරු හරහා එහි බහුතර කොටස් හිමි පාර්ශ්වය මාරු වූ අතර මේ වනවිට එහි වැඩි හිමිකාරීත්වය දරන්නේ ලෝකයේ පිරමිඩ් ජාවාරම සඳහා නමක් උසුලන ක්‍රිස්තියානි පාස්ටර්වරයකු ද වන මැලේසියාව තම ව්‍යාපාර අධිරාජ්‍යය කර ගත් විජේ ඊස්වරන්ය.

කුප්‍රකට ගෝල්ඩ් ක්වෙස්ට් පිරමිඩ් ජාලය සහ ඒ ආශ්‍රිත ආයෝජනවල හිමිකරුවා වන විජේ ඊස්වරන්ට රටවල් ගණනාවකට ඇතුළු වීම තහනම් කර ඇති අතර ඔහු මේ වනවිට මැලේසියාවේ අප්‍රකට ජීවිතයක් ගත කරන බව සඳහන් වේ.

ඔහු ආයතනය හිමි කර ගැනීමෙන් තිලංග සුමතිපාල මෙම සමාගමේ සභාපතිවරයා ලෙස පත් කළ අතර ඔවුන් දෙදෙනා දීර්ඝ කාලීන මිතුරන් බව සඳහන් වේ. කෙසේ වුවද මේ වනවිට මෙමම සමාගම යටතේ පවතින ඒෂියා ලෙෂර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සහ ඒෂියා කැපිටල් සමූහයේ ප්‍රධාන මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ මාරියෝ රෙහාන් මොරිස් ට එරෙහිව අභ්‍යන්තර තොරතුරු පිට කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවත්වීමටද සුමතිපාල   කටයුත කර ඇත.

මේ පසුබිම තුළ ඔහු සමාගමෙන් ඉවත්ව ඇති අතර අධ්‍යක්ෂ මණ්ඩලය මෙම අස්වීම පිළිගෙන ඇත.

මාරියෝ රෙහාන්ට අමතරව ඒෂියා කැපිටල් සමාගමේ දීර්ඝ කාලීන අධ්‍යක්ෂවරයකු වන ප්‍රකට නීතිඥ පොල් රත්නායකද සුමතිපාලගේ පත්වීමෙන් පසුව අධ්‍යක්ෂ මණ්ඩලයන් ඉවත් විම විශේෂ කරුණක් සේ ව්‍යාපාර කෂේත්‍රය හඳුන්වයි.

කෙසේ වුවද තම අත්සන සමාගම් වාර්තාවලට ව්‍යාජ ලෙස යොදා ඇති බවට මාරියෝ රෙහාන් මොරිස්ට   මේ වනවිට චෝදනා කරන අතර ඒ සම්බන්ධ චෝදනා එල්ල වී ඇත්තේ සභාපති තිලංග සුමතිපාල ප්‍රධාන කොටස් හිමිකරු විජේ ඊස්වරන් ඇතුළු පුද්ලයන්ටය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු තම නිරවද්‍යභාවටය තහවුරු නොකළහොත් ඊට අදාල දැඩි නෛතික පියවර ගන්නා බව නිතීඥයන් මාර්ගයෙන් මේ වනවිට දන්වා ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

Exit mobile version