ලංකාවේ කොවිඩ් මරණ 100 ඉක්මවයි.. අද අටයි.. මුළු මරණ ගණන 107යි…

ලංකාවේ කොවිඩ් මරණ සියය ඉක්මවා ගියේය. ඒ අද වර්තා වුණු කොවිඩ් මරණ 08ත් සමගිනි.  මෙම මරණ අටම සිදුවන්නේ කොළඹ බල ප්‍රදේශය තුළ ජීවත් වූ පුද්ගලයන්ගෙනි.

මේ මරණ 08න් පහක්ම සිදුවන්නේ නිවෙස් තුළය.

කොළඹ 13 අවුරුදු 87ක කාන්තාවක්,  කොළඹ 09 දෙමටගොඩ පදිංචි 54 හැවිරිදි කාන්තාවක්,  මරදාන පදිංචි 78 හැවිරිදි කාන්තාවක්, කොළඹ 15 පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 02 පදිංචි 83 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 10 මාලිගාවත්තේ පදිංචි 58 හැවිරිදි කාන්තාවක්, කොළඹ 13 පදිංචි 69 හැවිරිදි කාන්තාවක්, සහ කොළඹ මැගසින් බන්ධනාගාාරයේ සිර දඬුවම් විදිමින් සිටි 70 හැවිරිදි පුද්ගලයෙක් කොවිඩ් ආසාදිත මරණ අතර වෙති.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැන් වාර්තාවන  මුල මරණ සංඛ්‍යාව 107කි. රජය විසින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

 

Exit mobile version