ලංකාවට එන සංචාරකයන්ට දින 14ක් සිටීම අනිවාර්යයි

ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම සංචාරකයන් දින දහ හතරක් ශ්‍රී ලංකාව තුළ නිරෝධායන තත්වය යටතේ ගත කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය බව එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත හේරත් මහතා ලංකාසරට පැවසීය.

මේ පිළිබඳව අදාළ මඟපෙන්වීම සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රජයට සහ සංචාරක සංවර්ධන අධිකාරිය ඇතුළු අදාල ආයතන වෙත මේ වන විට යව ඇති බව අප කළ විමසීමකදී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තවදුරටත් පැවසීය.

ලබන 26 වැනිදා සිට විදේශීය සංචාරකයන් සඳහා විවෘත කිරීමට රජය මේ වන විට පියවර ගෙන ඇති අතර නියමු ව්‍යාපෘතියක් ලෙස රුසියාව හා ඒ ආශ්‍රිත රටවල්වලින් සංචාරකයන් කණ්ඩායමක් පළමුව ශ්‍රී ලංකාවට පැමිණීමට කටයුතු සංවිධානය කර ඇත.


ඔවුන් සම්බන්ධයෙන් අනුගමනය කෙරෙන සෞඛ්‍ය මාර්ගෝපදේශනය පිළිබඳව අප වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් විමසූ අවස්ථාවේ ඔහු තවදුරටත් සඳහන් කර සිටියේ මෙරට ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මේවා සංචාරකයන් දින 14ක නිරීක්ෂණ කාලයකට යටත්ව මෙරට රඳවා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගපෙන්වීම්වලට අනුව මෙම නිර්ණායක සකස් කර ඇති අතර ඉදිරි දින දෙක තුන තුළ මෙම සංචාරකයන් සම්බන්ධ ප්‍රශ්න නිරාකරණය කරගනිමින් අදාල මාර්ගෝපදේශ වලට යටත්ව සංචාරකයන්ගෙන් වීමේ වැඩපිළිවෙලට අමාත්‍යාංශ මට්ටමින් සහය ලබාදීමට කටයුතු ලබා දීමට කටයුතු කරන බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

මේ වන විට නියාමන ව්‍යාපෘතියක් ලෙස සංචාරකයන් රුසියාව සහ ඒ ආශ්‍රිත රටවලින් ගෙන්වා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සංවිධාන කර ඇති අතර ශ්‍රී ලංකාවට පැමිණීමට උනන්දුවක් දක්වන සංචාරකයන් ගණනාවක් රුසියාවේ සංචාරක නියෝජිත ආයතනවලින් ඒ පිළිබඳ විමසා ඇති බව ද වාර්තා වේ.

කෙසේ වුවද එම සංචාරකයන් සහ සංචාරක නියෝජිතයින් හට රජය තවමත් සංචාරකයන්ට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත මගපෙන්වීම් මාලාව සහ කළ යුතු නොකළ යුතු දේ පිළිබඳව නිසි ලෙස දන්වා නොමැති බව සඳහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද මෙරට බලධාරීන් සහ රුසියානු සංචාරක නියෝජිත ආයතන ලබන 26 වනදා වන විට මෙරටට සංචාරකයන් ගෙන් වීමට අවශ්‍ය කටයුතු සංවිධානය කිරීමට සූදානමින් සිටින බවද ලංකාසරට වාර්තා වේ.

Exit mobile version