සුබ ආරංචියක්… රෝහල්වල දෛනික ඔක්සිජන් අවශ්‍යතාව ටොන් 20කින් අඩුවෙයි!

කොවිඩ් වෛරස ආසාදනය හේතුවෙන් ඔක්සිජන් මත යැපෙන රෝගීන් ප්‍රමාණය සමඟ ඉහළ ගිය දෛනික ඔක්සිජන් අවශ්‍යතාව පෙර පැවති අගයයන්ට සාපෙක්ෂව දිනකට ටොන් 20කින් පමණ මේ වනවිට අඩුවී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

පසුගිය දිනවල සාමාන්‍යයෙන් දිනකට ඔක්සිජන් ටොන් 120ක් පමණ අවශ්‍යතාවක් පැවති අතර එය මේ වනවිට ටොන් 100ක් දක්වා අඩු වී ඇතැයි ලංකාසරට අදහස් දැකවූ සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

කොවිඩ් වසංගතයට පෙර මෙම අගය සාමාන්‍යයෙන් දිනකට ටොන් 44ක් පමණ වූ අතර එය පසුගිය දිනවල දිනකට ටොන් 135ක් පමණ දක්වාම ඉහළ ගියද එය පසුව ටොන් 120 සීමාවේ පැවතිණ.


පවතින සංචරණ සීමා හේතුවෙන් රටේ රෝග ව්‍යාප්තියේ යම් අඩුවීමක් සමඟ මෙසේ ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාවේද අඩුවීමක් සිදුව ඇතැයි අමාත්‍යංශ ප්‍රකාශකයා සඳහන් කළේය.

මෙයට අමතරව අද “ද අයින්ඩ්“ පුවත්පතට අදහස් දක්වා තිබූ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය තාක්සේෂණ සේවා අධ්‍යක්ෂවරයා වන වෛද්‍ය අන්වර් හම්දානි පවසා තිබුණේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට පවතින ඇඳන් සංඛ්‍යාව සියයට 97 සිට සියයට 70ක් පමණ දක්වා පහළ බැස ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහුට අනුව ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1040 සිට 800ක් පමණ දක්වා මේ වනවිට අඩුව ඇති අතර දෛනික ව වාර්තා වන කොවිඩ් රෝගීන් ගේ ප්‍රමාණයද රෝගීන් 5000 සිට 3000ක් පමණ දක්වා අඩුවී ඇති බවයි.

 

Exit mobile version