රෝහලනේ පැන්න කොවිඩ් රෝගියා ගිය ත්‍රී රෝද රථ රියදුරු නිරෝධායනයට

අයි.ඩී.එච් රෝහලින් පැන ජාතික රෝහල් පරිශ්‍රය අසලට පැමිණි කොවිඩ් ආසාදිත පුද්ගලයා රැගෙන පැමිණි ත්‍රී රෝද රථ රියදුරා හඳුනාගෙන මේ වනවිට ඔහුව නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

අයි.ඩී.එච් රෝහලින් පැන විත් සිටි  මෙම කොවිඩ් ආසාදිත පුද්ගලයා  ත‍්‍රිකුණාමලය වල්ලෙමලර් සින්නම්පිල්ලෙසිමෙයි ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ  එල්. සියාම් නසීම් නැමැති 41හැවිරිදි අයෙකි.

අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි මෙම පුද්ගලයා   කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටි අයෙකි.  අංගොඩ IDH රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අද (24) අලූයම පලා ගිය මෙම තැනැත්තා අද උදෑසන කොළඹ ජාතික රෝහලේ අංක 6 ගේට්ටුව අසලදී අත්අඩංගුව පත්වන්නේ රෝහල් සෙවකයින් දෙදෙනෙකුට ඔහු විසින්ම කළ ප්‍රකාශයකින් පසුවය.


මේ සම්බන්ධව දැනගත් වහාම රෝහල් සේවකයින් දෙදෙනා මෙම තැනැත්තාව අසල පදික වේදිකාවෙන් හිඳුවා ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් පසෙකට කර රෝහල් ආරක්ෂක අංශ හා බලධාරීන් වෙත සිද්ධිය දැනුම් දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අනතුරුව ආරක්ෂිත ඇඳුම සහිතව පැමිණි ජාතික රෝහලේ සේවකයින් දෙදෙනෙක් ඔහුට ආරක්ෂිත ඇඳුමක් අන්දවා ගිලන් රථයකින් අයි.ඩී.එච් රෝහලට පිටත් කර යවා ඇත.

Exit mobile version