රෝගීන් 100ක් ජීවත්වෙන්නෙ ඔක්සිජන් වලින්… ඔක්සිජන් අවශ්‍යතාව සීඝ්‍රයෙන් ඉහළ යනවා.. ජාතික රෝහල කියයි…

Covid

FILE PHOTO: A patient wearing an oxygen mask is seen inside an ambulance waiting to enter a COVID-19 hospital for treatment, amidst the spread of the coronavirus disease (COVID-19) in Ahmedabad, India, April 25, 2021. REUTERS/Amit Dave/File Photo

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් වයිරසය ආසාදිතයින්ගේ ඔක්සිජන් අවශ්‍යතාව සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍යඋපුල් දිසානායක සඳහන් කරයි.

කොළඹ ජාතික රෝහල තුල මීට සති දෙකකට පෙර ප්‍රතිකාර ලැබූ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව අද (19) වන විට දෙගුණයකින් ඉහළ ගොස් ඇතැයි ඔහු පෙන්වාදේ.

ඒ අනුව අද දිනයේදී කොවිඩ් ආසාදිත රෝගීන් 200ක් ප්‍රතිකාර ලබන අතර ඉන් හරි අඩකටම ජීවත් වීමට ඔක්සිජන් මත යැපීමට සිදුව ඇතැයි විශේෂඥවරයා පෙන්වාදේ.
මේ වන විට පැතිර යන ප්‍රභේදය කුමක්ද යන්න නිවැරදිව කිව නොහැකි නමුත් මින් ආරක්ෂා වීම සදහා ගත හැකිව ඇත්තේ පිලියම් දෙකක් පමණක් යැයි ද ඔහු අවධාරණය කරයි.

ඒ අනුව එන්නත්කරණය හා මුවආරවරණය පැළදිම පමණක් යැයිද මුව ආවරණය පැළදීමේදී එළිමහනේට වඩා වායුසමීකරණය කරන ලස කාමරයක් තුළ හෝ කුඩා කාමරයක් තුළ පැළදීම ඉතාමත් ආරක්ෂිත යැයිද ඔහු පෙන්වාදේ.

කෙසේ නමුත් ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම සීග්‍රවන අතර, සංකූලතාවන් වැඩිවීම හා මරණ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යන බව ලොව පුරා වාර්තාවන් පෙන්වා දෙන බව විශේෂඥවරයා අවදාරණය කරයි.

විශේෂයෙන්ම කොවිඩ් වයිරසය යම් පුද්ගලයෙකුට ආසාදනය වන්නේ තම සමීපතයින්ගෙන් බැවින් එකට ආහාර ගැනීම තේ බීම නොකළ යුතු යැයිද ඔහු පෙන්වාදේ.

Exit mobile version