සංචරණ සීමා දාන්නෙ අපි නොවෙයි… රෝගීන් වැඩිවුණොත් අපිට වෙන්නේ බලාගෙන ඉන්න තමයි – සෞඛ්‍ය අමාත්‍යංශය කියයි

සංචරණ සීමා පැනවීම වේගයෙන් සිදුවන කොවිඩ් ව්‍යාප්තියේදී හොඳම පියවරක් බව සෞඛ්‍ය අමාත්‍යංශයද හොඳින්ම දන්නා බවත් එසේ වුවද මෙම සංචරණ සීමා පිළිබඳව තීරණ ගන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නොව රජයේ බලධාරීන් බවත් පවසන සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ඉන්දියාවේ මෙන් රෝගීන් වැඩිවුහොත් අපට බලාගනෙ සිටීම හැර වෙන කල හැකි දෙයක් නොමැති බව පැවසීය.

අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහසක් දක්වමින් වෛද්‍ය හේමන්ත හේරත් තවදුරටත් සඳහන් කර ඇත්තේ ආසාදිතයන් සංඛ්‍යාව සීමා රහිතව වැඩි වුවහොත් මෙම තත්ත්වය පාලනය කිරීම අසීරු විය හැකි බවය. මෙවැනි තත්ත්වයක් උදා නොවීමට නම් ජනතාව තමන්ගේ වගකීම මැනවින් අවබෝධ කරගෙන නිසි සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව කටයුතු කළ යුතුව ඇතැයි වෛද්‍ය හේමන්ත හේරත් එහිදී අවධාරණය කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය රජයේ කාර්යාල යළි සුපුරුදු ලෙස විවෘත කිරීම හ සංචරණ සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් ගම විරෝධය දක්වා ඇති අතර රජයේ බලධාරීන් අවධාරණය කර ඇත්තේ සංචරණ සීමා කිරීම මේ මොහොතේ කළ යුතු බව යයි මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.


Exit mobile version