“රෝගීන් රෝගය හංගනවා.. රෝග පාලනය අර්බුදයක”

රාජ්‍ය ඇමතිනිය කියයි

කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් තම රෝගී තත්වය සඟවා ගැනීටම කරන උත්සාහය නිසා රෝග පාලනය කිරීම අර්බුදයකට පත් වෙමින් ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවාය.

රාජ්‍ය ඇමතිවරියගේ ප්‍රධානත්වයෙන් අද (08) සෞඛ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ පැවැති කොවිඩ් 19 පිළිබද විශ්ලේෂණ කමිටුව හමුවේ දී ඇය මේ බව අනාවරණය කළාය.

කොවිඩ් 19 සම්බන්ධයෙන් ජනතාව තුළ අනවශ්‍ය බියත් රෝගය වැළදුනු පුද්ගලයින් දෙස සමාජය විසින් වපර ඇසින් බලමින් ඔවුන් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාවයක් පැවතීමත් නිසා මේ තත්වය උද්ගත වී ඇති බව සඳහන් කළ ඇය එය මගහරවා ගැනීම සඳහා උපායමාර්ගික සැලසුමක් අවශ්‍ය බවයි වැඩිදුරටත් කීවාය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් රෝගය වැළදී මියගිය අයගේ ආදාහන කටයුතු සිදුකිරීමේදී ආර්ථික අපහසුතා පවතින අයගේ ආදාහන කටයුතු ඔවුන්ගේ ඉල්ලීම මත රජයේ වියදමින් සිදුකිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවත් ඇය පෙන්වා දුන්නාය.

Exit mobile version