රෝගීන්ට පී.සී.ආර් කළ කොළඹ අක්ෂි රෝහලේ වෛද්‍යවරියකට ජී.එම්.ඕ.ඒ මැර තර්ජන

වැඩිකරගත් අවදානම් දීමනාවට අමතරව පී.සී.ආර්. කරන්නත් සල්ලි ඉල්ලලා... ජී.එම්.ඕ.ඒ කප්පම් කරුවන්ගේ භූමිකාවක...

COVID-19-PCR-tests-doctor-swab-test

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදු කෙරන පී.සී.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට අදාළ රෝගී සාම්පල ලබා ගැනීමේ කටයුත්තෙන් හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ඉවත්ව ඇති පසුබිමක රෝහල් සේවා අඩපණ නොවී කරගෙන යාමේ අරමුණින් එම පරීක්ෂාවන් සිදු කරමින් සිටි කොළඹ අක්ෂි රෝහලේ වෛද්‍යවරියකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉහළ නිලධාරීන් විසින් තර්ජනය කරනු ලැබ ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට සති කිහිපයකට පෙර එම සාම්පල ලබා ගැනීමේ කටයුතු වලින් වෛද්‍ය හැර සෙසු සේවකයන් ඉවත් වූයේ වෛද්‍යවරුන්ට පමණක් අවදානම් දීමනාව වැඩි කිරීමට විරෝධය පළ කරමිනි. මේ වනවිට රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සහ ශල්‍යකර්ම සඳහා පැමිණෙන සියලුම රෝගීන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සහ පීසීආර් පරීක්ෂාව සිදු කෙරෙන අතර රෝහල් අඛණ්ඩව වෙනත් ප්‍රතිකාර සඳහා පවත්වාගෙන යාමේදී එය අතිශයින්ම වැදගත් වෙයි. මෙවැනි තත්ත්වයක් තුළ එම සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේම යෝජනාවකට අනුව වෛද්‍යවරුන් විසින් සිදු කරන ලද අතර පසුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ සඳහා වෙනම දීමනාවක් ඉල්ලා ඇත. එසේ වුවද සෞඛ්‍ය අමාත්‍යංශය එම ඉල්ලීමට නිසි ප්‍රතිකාර නොදැක්වීම මත වෛද්‍යවරුන්ටද එම රජකාරියෙන් ඉවත්වන ලෙසට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලීම් කළ ද ඇතැම් වෛද්‍යවරු සද්භාවයෙන් යුතුව ස්වේච්ඡාවෙන් එම කටයුත්ත සිදු කර ඇත.

මෙලෙස රෝගී සාම්පල ලබා ගන්නා තම සාමාජිකයන්ට බලපෑම් කරමින් සිටි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන් පසුගියදා මේ අයුරින් තර්ජනය කොට ඇත්තේ මෙම කාර්යය තනිවම සිදු කරමින් සිටි වෛද්‍යවරියකට බව සඳහන් වේ. සෙසු වෛද්‍ය නිලධාරීන් එම කටයුත්තෙන් බැහැරව සිටි පසුබිමක් තුළ මෙම වෛද්‍යවරිය වෙහෙස මහන්සිය නොබලා මෙම කටයුත්ත සිදු කර ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දැඩි විරෝධතා බලපෑම් මැද බව සඳහන් වේ.

මෙම තත්ත්වය තුළ ඇය මහත් පීඩනයකට ලක්ව ඇති බව පැවසෙන අතර මෙම ප්‍රවණතාව මෙම රාජකාරිය සිදු කරන සෙසු වෛද්‍යවරුන් වෙතද යම් බලපෑමක් සිදුකොට ඇති ව වාර්තා වේ.

කෙසේ වුවද මේ පිළිබඳව තත්ත්වය සහ ඒ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව දැන ගැනීමට කොළඹ අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු සම්බන්ධ කර ගැනීමට අප කිහිප විටෙකම උත්සාහ කළද ඔහු දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.



Exit mobile version