රේගුවේ ලැම්බෝගිනි රෝල්ස් රොයිස් වෙන්දේසිය හදිසියේ නවත්වයි!

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රෝල්ස් රොයිස් රථයක්, ලැම්බෝගිනි මෝටර් රථයක් ඇතුළු අතිශයින් වටිනා මෝටර් රථ කිහිපයක් වෙන්දේසි කිරීමට නිමිකව තිබියදී එය පසුගිය බ්‍රහස්පතින්දා අවසන් මොහොතේ දී හදිසියේ නතර කිරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කටයුතු කරනු ලැබ ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.
එම පුවත්පතට අනුව මෙම වෙන්දේසියට ජගුවාර් වර්ගයේ මෝටර් රථයක් මර්සිඩීස් බෙන්ස්, හමර් රථ මෙන්ම නීති විරෝධී අයුරින් ආනයනය කරන ලද සුඛෝපභෝගී බස් රථ දෙකක් වෙන්දේසි කිරීමට රේගුව ගෙන ගිය පියවරක් අවසන් මොහොතේ හදිසියේ නතර කර තිබේ.
මෙම වාහනවල හිමිකරුවන් කවුරුන්දැයි හඳුනාගෙන නොමැති අතර පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ වාහන ආනයන තහනම අතර මෙම වාහන මෙරටට ගෙන්වා අති බව සඳහන් වේ. රේගුව විසින් අත්අඩංගුවට ගත් මෙම ඉහළ පෙළේ සුඛෝපභෝගී වාහන බ්‍රහස්පතින්දා වෙන්දේසි කිරීමට නියමිතව තිබියදී රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත එය 11 වැනි පැයේදී නතර කොට ඇත. වෙන්දේසිය නැවැත්වීමට හේතු පිළිබඳව වැඩිදුර තොරතුරු නොමැති බව පුවත් පත සඳහන් කරයි. .
මේ පිළිබඳව සන්ඩේ ටයිම්ස් පුවත්පතට රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත් ද සිල්වා මහතා පවසා තිබුණේ අත්අඩංගුවට ගත් වාහන වෙන්දේසි කිරීමේ ටෙන්ඩර් ක්‍රියාවලියක් පවතින බවත්, රේගු දෙපාර්තමේන්තුවට ආදායම් උපයා ගැනීම සඳහා එවැනි වෙන්දේසි වරින් වර පවත්වන බවත්ය. එවැනි වෙන්දේසි පැවැත්වීමේ බලය මෙන්ම ඒවා අවලංගු කිරීමටද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය හිමිවන බව ඔහු එහිදී පවසා තිබුණි.

Exit mobile version