රූපවාහිනි චැනල්වල ජඩ වැඩ ගැන මාධ්‍යයට සම්බන්ධ මන්ත්‍රි දෙපළක් මැතිසබයේදී කියති

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රූපවාහිනි මාධ්‍ය ආයතන තමන්ගේ න්‍යාය පත්‍රයට වාසි සහගත වන තමන්ට ඕනෑ කොටස පමණක් පළ කිරීමෙන් ඇතැම් පුවත් සහ සිදුවීම් පිළිබඳව වැරදි අර්ථකථන සමාජ ගත වන බවත් එවැනි මාධ්‍ය ආයතන එසේ සිදු කරන බවත් අද පාර්ලිමේන්තුවේදී මාධ්‍ය ක්ෂේත්‍රයටම සම්බන්ධ අත්දැකීම් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙපළක්ම මැති සභයේදී පිළිගත්හ.
මේ සිදුවීම සිදුවූයේ අයවැය විවාදයේ අවසන් දින පෙරවරුවේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා විසින් යොමු කරන ලද වරප්‍රසාද පිළිබඳව ප්‍රශ්නයකදීය. එයින් ඔහු අවධාරණය කළේ පෙරේදා පැවැති පොදු ව්‍යපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුවේදී) සාකච්ඡා වූ ගූගල් ලූන් ව්‍යාපෘතියට අදාළ වියදම් රුපියල් මිලියන 6.4ක මුදලක් වියදම් කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් වැරදි තොරතුරක් දෙරණ සහ හිරු නාළිකා මඟින් විකශය කළ වූ බවත් තමන් සමඟ එම ආයතන පවතින තරහ හේතුවෙන් ඔවුන් දීර්ඝ සාකච්ඡාවක කුඩා කොටසක් පමණක් ප්‍රවෘත්තියක් ලෙස ප්‍රචාරය කිරීමෙන් තමන් පමණ්ක නොව තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ නිලධාරීන්ද අපහුසතාවකට පත් වූ ව ඔහු පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද තම විරෝධය පළ කළ අතර කෝප් කමිටුවේ සභාපති, හිටපු ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් මහාචාර්ය චරිත හේරත් එම පුවත සම්බන්ධයෙන් පැවැති ව්‍යාකූලත්වයට හේතුව ලෙස ප්‍රකාශ කළේ රූපවාහිනී මාධ්‍ය නාළිකාවලට කෝප් කමිටුවේ සම්පූර්ණ සාකච්ඡාවේම වීඩියෝ පටයක් ලබා දී තිබුණද ඔවුන් ඔවුන්ට අවශ්‍ය ආකාරය ට එය සංස්කරණය කොට පුචාරය කිරීමට කටයුතු කර ඇති බවය. එයින් එම තොරතුරු සන්නිවේදනයේ යම් ගැටලුවක් ඇති ව තිබෙන බව මහාචාර්ය චරිත හේරත් පිළිගත්තේය.
ඊට පසුව අදහස් දැකවූ තවත් කලක් මාධ්‍ය වෘත්තිකයකු ලෙස පෞද්ගලික රූපවාහිනි නාළිකාවකට සම්බන්ධව කටයුතු කළ එස්.එම් මරික්කාර් මන්ත්‍රිවරයාද ප්‍රකාශ කළේ රූපවාහිනි නාලිකා ඒ ආකාරයෙන් තමන්ට වාසි සහගත කරුණු පමණක් හුවා දක්වමින් පුවත් ප්‍රචාරය කරන බවය. කෝප් කමිටුවේ සාමාජිකයකුද වන මරික්කාර් මන්ත්‍රිවරයා එහිදි සඳහන් කළේ කෝප් කමිටුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් ඉතා හරවත් ලෙස අදාළ කමිටු සාකච්ඡාව ගෙන ගියද එය වැරදි අර්ථකකථනයක් ලබා දී ප්‍රචාරය කිරීමෙන් ජනතාය තුළ වැරචදි චිත්‍රයක් මැවුණු බවය.

Exit mobile version