රුසියානු යුද්ධය ලෝකයම යලිත් 20 වැනි සියයසට ගෙන ගිහින් ඉතාලි අගමැතිනයගෙන් චෝදනාවක්

giorgia meloni

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම සමස්ථ ලොකයම යලිත් වරක් විසි වැනි සියවසේ ගැටලු වෙත ගෙන ඇති බව ඉතාලි අගමැතිනී ර්ජියා මෙලෝනි පැවසීය. ඇය පසුගියදා රයිසිනා කතිකාවේ ප්‍රධාන ආරාධිතයා සහ ප්‍රධාන කථිකයා වශයෙන් එක්වූ අවස්ථාවේදී මේ බව පෙන්වා දී තිබණි.

කොරේනා වසංගතය ජාත්‍යන්තර වෙළඳාමේ සහ ගෝලීය ආර්ථිකයේ පදනම් සෙලවීමට සමත්වූ බවත් ගෝලීය සැපයුම් දාමවල ගැඹුරු දුර්වලතා සහ ඔරොත්තු දීමේ හැකියාව හෙළිදරව් කළ බවද පෙන්වා දුන්නාය. කොරෝනා වසංගතයේ අභියෝගවලින් ගොඩ ඒමට උත්සාහ කරන අවස්තාවේදීම රුසියානු ආක්‍රමණය ගෝලීය බලශක්ති මිල කඩාකප්පල් කර, ආහාර සුරක්ෂිතතාව අනතුරේ හෙළා ඇති අතර ලෝකය පුරා උද්ධමන රැල්ලක් නිර්මණය කිරීමට සමත්ව ඇති බවද ඇය සඳහන් කළාය.
යුක්‍රේන යුධ ගැටුමට පෙර ලෝකය 21 වැනි සියවසේ ගැටලූවලට මුහුණ දෙමින් සිටි බවත් ඒ අනුව දරිද්‍රතාවය, දේශගුණික විපර්යාස, අපගේ සමාජවල තොරතුරු ප්‍රවාහයට සහ දෛනික ජීවිතයට ඩිජිටල්කරණයේ බලපෑම් කළමනාකරණය කිරීම සහ ක්වොන්ටම් පරිගණකකරණය වැනි නව තාක්‍ෂණයේ දියුණුව හැසිරවීම වැනි ගැටලුවලට මුහුණ දුන් බව ඇය පැවසුවාය. කෙසේවෙතත් යුක්‍රේන ආක්‍රමණය ඒ සියල්ලම පසුපසට හරවා ඇති බවද ඇය ප්‍රකාශ කළාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ මේ යුද ගැටුම් ගෝලීය ස්ථාවරත්වය, සාමය සහ ආරක්ෂාව පිළිබඳ අවදානම තත්ත්වයකට ගෙනයනවා. මම පසුගිය සතියේ කීව් නගරයෙයි සිටියේ. එහිදී එම භූමියේ දුෂ්කර යථාර්ථය දැක ගන්න මට අවස්ථාව ලැබුනා. එහිදී යුක්‍රෙන්යට ඇතිව තිබෙන විනාශය හොදින්ම දැක්කා.″ යනුවේද ඇය වැඩිදුරටත් පැවසුවාය.


Exit mobile version