රුසියානු යුක්රේන ආක්‍රමණය හමුවේ තායිවානය පෙර සූදානමක…

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග චීනය ද රුසියාව අනුගමනය කර තම රට ඈඳා ගැනීමට බලය භාවිතා කිරීමට උත්සාහ කරනු ඇති බවට සැක මතුවීම හේතුවෙන් තායිවානය විශේෂ ආරක්ෂක වැඩස‍ටහන් රැසක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව , තායිවාන ගුවන් හමුදාව සහ නාවික හමුදාව තායිවාන සමුද්‍ර සන්ධියේදී තායිපේ හි ගුවන් ආරක්ෂක හැකියාවන් පරීක්ෂා කරමින් යුධ අභ්‍යාස මාලාවක් ද සිදු කර ඇති බවත් එරට පාබල හමුදා ද තවත් විශේෂ යුද අභ්‍යාස සිදුකර ඇති බවත් පැවසේ.

මේ අතර තායිවාන ජනතාව ද, රුසියානු හමුදාවන්ගේ ඉදිරි ගමන නතර කිරීමට යුක්රේන ජනතාව භාවිතා කරන ක්‍රියාමාර්ගවල සාර්ථකත්වය පිළිබඳව අවබෝධ කර ගැනීමට වැඩි උනන්දුවක් දක්වන බව විදෙස් වාර්තාවල දැක්වේ.

තායිවාන ජනාධිපති ට්සායි ඉන්ග්වෙන් සදහන් කර ඇත්තේ, ජාත්‍යන්තර සහයෝගීතාවය සහ ආධාරවලට අමතරව තායිවානයේ ආරක්ෂාව සඳහා ජනතාවගේ එකමුතුකම අත්‍යවශ්‍ය සාධකයක් බවයි.


මේ අතර, චීනය තායිවානයේ ගුවන් කලාපයට නිරතුරැව අනවසරයෙන් හමුදා ගුවන් යානා යවමින් සිටින බව ද විදෙස් වාර්තාවල දැක්වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහි හරහා තායිවානයේ ආරක්ෂක පද්ධති හඳුනාගෙන ඒ අනුව සිය ඉදිරි සැලසුම් සකස් කිරීම චීනයේ අරමුණ බව විදෙස් විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.

Exit mobile version