රුපියල් දෙකේ කොලේ කටුස්සා ඕමන්තෙ කැලේකින් හමුවේ…

දිනසේන රතුගමගේ –

1970 වසරේදී මහ බැංකුව විසින් නිකුත් කරණ ලද රුපියල් දෙකේ කොළයේ සිටින කටුස්සාට සමාන කටුස්සකු වවුනියාව ඕමන්තේදී  හමු වී තිබේ.

ඕමන්ත කැළයේ දර කැපීමට ගිය පුද්ගලයෙකුට මෙම කටුස්සා දැක ගැනීමට හැකි වී ඇති අතර ඔහු එම කටුස්සාගේ ඡායාරූප කීපයක් ගෙන තිබේ.

ශ්‍රී ලංකාවට පමණක් ආවේණික මෙම කටුස්සා සෙන්ටි මීටර් 8 ක් පමණ දිග වන අතර (Tasia Holianus) යන ජීව විද්‍යාත්ම නාමයෙන් හදුන්වනු ලබයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙතෙක් මෙම කටුස්සා හමු වී ඇත්තේ පොළොන්නරුව බකමූණ පල්ලේගම හොරණ  ගම්පහ සහ යාපනයෙන් පමණක් බව වාර්තාවෙයි.

 

Exit mobile version