රිෂාද්ගේ අත්අඩංගුවට ගත් ගෝලබාලයින් ළඟ අනවසර පිස්තෝල දෙකක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් මහතාගේ මන්ත්‍රී ආරක්ෂාවට යොදවා සිටියදී ඔහුට සැඟවීමට සහය දුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙක් ඔහුගේ වාහනය සමග අත්අඩංගුවට ගත් අවස්ථාවේ එහි තිබී අනවසර පිස්තෝල දෙකක් ද හමුවී තිබේ.

බලපත්‍ර පවා නොමැති එම පිස්තෝල දෙක පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නීතිපතිවරයා විසින් අත් අඩංගුවට ගැනීමට නියෝග කර තිබූ ගණකාධිකාරීවරයා සහ රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයාගේ රියදුරා ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.


Exit mobile version