රිෂාඩ්ගේ මල්ලිගේ දුරකථන 16න් සීඅයිඩිය පරීක්ෂා කර ඇත්තේ හතරක් විතරයි

පාස්කු ප්‍රහාරයේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බකරු වන ඉන්සාෆ් අහමඩ් විසින් රියාජ් බදියුදීන්ට ලබාගත් දුරකථන ඇමතුම් පදනම් කරගනිමින් ඔහු අත්අඩංගුවට ගැනුණද රියාජ්ගේ ජංගම දුරකථන 12ක් පිළිබඳ කිසිදු තොරතුරක් සොයාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇතැයි අනාවරණය වී තිබේ.

ඒ ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් නීතිපතිවරයා හමුවේ මෙම විමර්ශනය පිළිබඳ කළ කරුණු දැක්වීමේදීය.

බෝම්බකරු විසින් ලබාගත් ඇමතුම් 7ක් පදනම් කරගෙන රියාජ් අත්අඩංගුවට ගැනුණද විමර්ශනයට ලක්ව ඇත්තේ ඔහුගේ දුරකථන 4ක් සම්බන්ධයෙන් පමණි.


එමෙන්ම රියාජ් බදියුදීන් යන අයට අදාළව මුදල් විශුද්ධිකරණ වරද සම්බන්ධයෙන් විමර්ශනයක් කර නොමැති අතර ඔහුගේ වත්කම් බැරකම් එනම් වාහන ඇතුළුව අනෙකුත් දේපල, බැංකු ගිණුම් සහ බැංකු කටයුතු සහ ව්‍යාපාර කටයුතු පිළිබඳ සුදුසු විමර්ශනයන් සිදුකර නොමැති බවද නීතිපතිවරයාට පෙනීගොස් ඇත.

එසේම මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට දැනුමක් හෝ කිසිදු වැටහීමක් හෝ පළපුරුද්දක් නොමැති නිලධාරියකු, අධ්‍යක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම විමර්ශනය සඳහා පත්කිරීම සහ ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට දැනුමක් නොමැති නිලධාරියකු පත් කර ඇති බවට අනාවරණය වුණ

එමෙන්ම ත්‍රස්තවාදී කටයුතු වලට මුදල් යෙදවීම සම්බන්ධයෙන් පුලුල් විමර්ශනයන් සිදු කර නොමැති තත්ත්වයක් අනාවරණය වී ඇත.

තහවුරු කළහැකි සාක්ෂි නොමැති බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රියාජ් බදියුදීන් පසුගිදා නිදහස් කර තිබුණේ ඉහත සියලු අඩුපාඩු විමර්ශනයට ලක් නොවූ පසුබිමක ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේවෙතත් ඉදිරිපත් වූ කරුණු සියල්ල සළකා බැලූ නීතිපතිවරයා, විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත මෙම සිද්ධියට අදාළව වැඩිදුර විමර්ශන සිදුකිරීමේ අවශ්‍යතාවය සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු විශේෂ පියවර සම්බන්ධයෙන් ලිඛිත උපදෙස් ලබා දී එම සම්පූර්ණ විමර්ශන ගොනු මසක් ඇතුළත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසටත් උපදෙස් දී ඇත.

Exit mobile version