රෑ කෑමට ගෙදරින් ගිය කොහුවල ව්‍යාපාරිකයාගේ සිරුර පිළිස්සුණු  මෝටර් රථයේ

කොහුවල ප්‍රදේශයේදී වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් තුළ තිබී මළ සිරුරක් හමුවී ඇති බවත් එය කොහුවල ආසිරි මාවතේ පදිංචි තරුණ ව්‍යාපාරිකයකුගේ සිරුරක් බවට හඳුනාගෙන ඇති බවත් පොලිසිය පවසයි.

මෙම මෝටර් රථය පිළිස්සීමකට ලක්ව ඇති අතර මළ සිරුරද පිළිස්සී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ   පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ව්‍යාපාරිකයා ඊයේ (10) රාත්‍රි ආහාර ගැනීම සඳහා අවන්හළකට ගිය බවට තොරතුරු වාර්තා වී ඇති අතර ඔහුට සිදුවූ දේ පිළිබඳව මේ වනවිට කොහුවල පොලිසිය මඟින් විමර්ශනය කරන බව ද සඳහන් කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තවදුරටත් සඳහන් කළේ මේ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවත්වෙන අතර රජයේ රස පරික්ෂකවරයාද කැඳවා ඇති බවය.


Exit mobile version