ලලිත් චාමින්ද –
ගාල්ල බන්ධනාගාරයේ රදවා සිටි රැදවියයෙකුට තවත් රැදවියන් පිරිසක් විසින් සිදුකළ පහරදිමකින් බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්රථිකාර ලබමින් සිටියදි ඊයේ (26) රාත්රි මියගොස් ඇති බව ගාල්ල බන්ධනාගාරය පවසයි.
මියගොස් ඇත්තේ හියාරේ ගමගේ නිහාල් අරුණ ශාන්ත (56) නැමති පල්ලේවත්ත, පොද්දල බලගොඩ ප්රදේශයේ පදිංචි කරුවෙකි.
ස්ත්රි දුෂණයක් සම්බන්ධයෙන් මෙකි රැදවියා බන්ධනාගාරතව සිට ඇත. ඔහු ගාල්ල බන්ධනාගාරයේ එච් වාට්ටුවේ රදවා සිට ඇත. මෙම රැදවියා විසින් වැසිකිළිය සදහා භාවිතා කරණු ලබන භාජනයක් ජල ටැංකියකට දැමිමේ සිද්ධියක් සම්බන්දයෙන් එම වාට්ටුවේ සිටි රැඳවියන් දෙදෙනෙකු මොහුට පහරදි තිබුණි.
පහරදිමෙන් බරපතල තුවාල ලැබු රැදවියා ගාල්ල බන්ධනාගාරය මගින් මිට දින තුනකට පමණ ඉහතදි කරාපිටිය රෝහලේ 37 වාට්ටුවට ඇතුළත් කොට තිබුණි.
මොහු රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදි මියගොස් ඇත. ගාල්ල බන්ධනාගාරය සහ ගාල්ල පොලිසිය එක්ව මේ පිළිබද පරික්ෂණ පවත්වයි.