රැඳවියන්ගෙන් කෝටි ගණන් ඉපයූ කාන්තා ජේලර් ඉදිරියේ නීතිය නැමිලා…

අයථා මුදල් ඉපයීම තහවුරු කර විධිමත් පරීක්ෂණයක් නිර්දේශ කළ කමිටු වාර්තාවට මාස 03යි...

මීගමුව බන්ධනාගාරයේ සේවය කළ ජේලර්වරියක් බන්ධනාගාරගත කාන්තා රැඳවියන්ට නීති විරෝධී පහසුකම් ලබා දී රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් උපයාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින්ම පත් කළ විනය කමිටුවක් මගින් කළ විමර්ශනයකින්   තහවුරු වී තිබෙද්දීත් එම කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කර නැති බව වාර්තා වේ.

මෙම ජේලර්වරියට එරෙහිව ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගෙන  ඇය බොරැල්ල බන්ධනාගාර පුහුණු පාසලට ස්ථාන මාරු කර පරීක්ෂණයක් පැවැත්වීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර තිබු බවත්,  බන්ධනාගාර අධිකාරිවරයෙකූගේ මූලිකත්වයෙන් යුතු කමිටුවකින්  මූලික විමර්ශනය සිදුකර එහි වාර්තාව මීට මාස තුනකට පමණ පෙර බන්ධනාගාර මූලස්ථානය  වෙත භාරදී  ඇති බවත් එම ආරංචි මාර්ග තහවුරු කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම මූලික වාර්තාවේ නිර්දේශ කර ඇත්තේ මෙම නිලධාරිනිය රුපියල් කොටි දෙකකට ආසන්න මුදලක් බන්ධනාගාර රැඳවියන්ගෙන් විටින් විට ලබාගෙන ඇති නිසා ඇයට විධිමත් විනය පරීක්ෂණයක් පවත්වන ලෙසය.  එහෙත් විනය පරීක්ෂණයක් කරනවා වෙනුවට බන්ධනාගාර පුහුණු පාසලෙන් වැලිකඩ බන්ධනාගාරයටත්, එතැනින් බෝගම්බර පැරණි බන්ධනාගාරයටත් ඇය මාරු කර යවා ඇති බව වාර්තා වේ..


 

Exit mobile version