රාජ්‍ය සේවකයන්ට දයාසිරිගෙන් බතික් නීතියක්

සෑම රාජ්‍ය සේවකයකුම සතියේ දිනක් බතික්වලින් නිර්මාණය කරන ලද ඇඳුමක් ඇඳගෙන රාජකාරියට පැමිණීම අනිවාර්ය කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන බව බතික් අත්යන්ත්‍ර රෙදි සහ දේශීය ඇඟලුම් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

මේ සඳහා අවශ්‍ය නීතී රීති සකස් කිරීම පිළිබඳව මේ වනවිටත් සාකචඡාවලට ලක්ව ඇති අතර මෙම පියවර ගන්නේ මෙරට බතික් සහ අත්යන්ත්‍ර කර්මාන්තය සංවර්ධනය කිරීමේ ක්‍රමවේදයක් ලෙසට බවද සඳහන් කළේය.

බතික් ඇඳුම් රජයේ සේවකයන්ට අනිවාර්ය කිරීමත් සමඟ මෙම ඇඳුම් අඩු මිලට මෙම රාජ්‍ය සේවකයන්ට මිල දී ගැනීමට පහසු වන ආකාරයේ වැඩපිළිවෙළක් ද තම අමාත්‍යංශය විසින් සකස් කරනු ලැබීමට බලාපොරොත්තු වන බවද දයාසිරි ජයසේකර අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම වැඩපිළිවෙළට ආදර්ශයක් දීමේ වැදගත්කම පෙන්වමින් තමන්ද අද තමන්ද පාර්ලිමේන්තුවට පැමිණියේ බතික් ඇඳුමින් සැරසී බව දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

Exit mobile version