රාජ්‍ය  වෛද්‍ය ආයතනත් කොවිඩ් තොරතුරු හංගනවා… දැන් නම් රාජකාරිය අන්තිම අපහසුයි..

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියයි...

PHI

නතාෂා නෙත්මිණි –    

     

රාජ්‍ය හා අර්ධරාජ්‍ය වෛද්‍ය ආයතන බොහෝමයක් කොවිඩ් වසංගතයේ නිවැරදි තොරතුරු වසංකිරීම හේතුවෙන් කොවිඩ් මර්ධන රාජකාරියේ යෙදෙන තමුන් දැඩි අපහසුතාවන්ට ලක්ව ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

මේ වන විට රෝහල් කීපයක ආසාදිතයින් වාර්තා වී ඇති නමුත් ඔවුන් පිළිබඳව සොයා බැලීමට හෝ  ඔවුන්ගේ ආසාදිතයින්ව නිරෝධායනය කිරීමට   නොහැකි වී ඇතැයි සංගමයේ සභාපති උපුල් රෝහණ කීවේය.

විශේෂයෙන්ම කොවිඩ් වෛරසය ආසාදනය වීම ඔවුන් දරන තනතුරුවලට  මදිකමක් යැයි සිතීමට මෙම  වෛද්‍ය ආයතනයන් හි උසස්  නිලධාරීන් කල්පනා කිරීම පුදුමයට කරුණක් යැයි ද හෙතෙම පැවසීය.


මෙම එක්  ආයතනයක් තුළ   පසුගිය දිනවල කරන ලද පී.සී.ආර් පරික්ෂණ වලදී සේවකයන් 27 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හෙලි වු නමුත් ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා යෑමට එම ආයතනය ඉඩ ලබා නොදුන් බවද සභාපතිවරයා  අවධාරණය කළේය.   

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවැනි අභියෝගයන් හමුවේ  කොවිඩ් මර්දනය සඳහා ගෙනයන වැඩ පිළිවෙළ මුලුමනින්ම බිඳවැටෙනු ඇතැයිද  ඔහු පැවසීය.

Exit mobile version