රාජ්‍ය ලේකම් ඇතුළු ඇමෙරිකානු ඉහළම දූත පිරිසකුත් ළඟදීම ශ්‍රි ලංකාවට

ඇමෙරිකානු රජයේද ඉහළම දූත පිරිසක් ශ්‍රි ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ අනුව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඇතුළු කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිත බව විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොලඹගේ සන්ඩේ ටයිම්ස් පුවත්පත වෙත පවසා තිබේ.

ඔහු සමඟ ඇමෙරිකානු ආරක්ෂක ලේකම් මාක් එස්පර් ද පැමිණීමට නියමිත බව වාර්තා වන අතර සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ ඉදිරි සති දෙකකින් පමණ මෙම සංචාරය සිදුවනු ඇති බවය.


ඇමෙරිකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත වන අතර ඒ සඳහා ඉන්දියාවට පැමිණීමෙන් පසු ඔවුන් ශ්‍රි ලංකාවටද පැමිණෙන බවට වාර්තා කර තිබේ.

දැනට සාකච්ඡා කිරීම අත්හිටුවා ඇති මිලේනියම් චැලේන්ජ් ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම හදිසි සංචාරයේ සහ සාකච්ඡාවල න්‍යාය පත්‍රයේ ඉහළින්ම පවතින බවට සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණි.

එමෙන්ම එම වාර්තාවේ සඳහන්ව තිබුණේ ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට යෝජිත ඇක්සා සහ සොෆා ගිවිසුම් ගැන සාකච්ඡා මෙම රැස්වීම් න්‍යායපත්‍රවල පවතින බවට වාර්තා වී නොමැති බවය.

මේ අතර ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මීට පෙරද ශ්‍රි ලංකාවට පැමිණීමට සිටියද එම සංචාරයද කල්තැබුණි.

කෙසේවුවද ලබන ඔක්තෝබර් මස 27 වැනිදා හෝ ඊට ආසන්න දිනයක පොම්පියෝ ඇතුළු ඇමෙරිකානු රජයේ ඉහළ දූත පිරිස මෙරටට පැමිණෙන බව වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන්ද චීන නියෝජිත පිරිස පැමිණීමේදී අනුගමනය කෙරුණු සෞඛ්‍යාරකෂිත ක්‍රමවේදවලට අනුගතව මෙරටට පැමිණෙනු ඇති බව ද වාර්තා වේ.

Exit mobile version