රාගම වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයින් 03ක් සැක පිට අත් අඩංගුවට…

gunshot-bullet

රාගම වල්පොල ප්‍රදේශයේදී පසුගිය බ්‍රහස්පතින්දා  (14) රාත්‍රියේ මාළු ව්‍යාපාරිකයෙක් ඉලක්ක කරගෙන සිදුවූ වෙඩි තැබීමට අදාලව පොලිසිය විසින්  පුද්ගලයින් තිදෙනෙක් අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගෙන ඇත්තේ ඝාතකයා යතුරු පැදියකින් ඝාතන ඉලක්කය වෙත රැගෙන පැමිණි යතුරුපැදි කරුත්, ඝාතනය සඳහා යතුරුපැදිය සැපයූ තැනැත්තා සහ ඔත්තු බැලූ පුද්ගලයාත් ය. මොවුන් තිදෙනාම මත්ද්‍රව්‍ය වලට හුරු වූ අවුරුදු විසි ගණන්වල පසුවන්නන් බව අනාවරණය වී ඇත. යතුරුපැදි කරු සහ යතුරු පැදිය අපරාධයට ලබා දුන් තැනැත්තන් මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

ඔත්තු බැලූ තරුණයා අසල සුනාමි ගම්මානයේ පදිංචිකරුවෙකි.

මේ ඝාතන සැලසුම සිදුවන්නේ දැනට රටින් පැන ගොස් සැඟවී සිටින වැල්ලේ සුරංග  නැමැති අපරාධකරුවා විසින් ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මත බව අනාවරණය වී තිබේ.


මෙම ඝාතන තැතට හේතුව ගිය සතියට එපිට සතියේ වත්තල දී සිදුවූ ඝාතනයකි. වත්තල දී කපා කොටා පුද්ගලයෙක් ඝාතනය කළ අතර එම පුද්ගලයා වැල්ලේ සුරංග ගේ ගෝලයෙක් බව කියැවිනි. එම ඝාතනය මෙහෙයවා ඇත්තේ චාමර නැමැති තවත් පාතාල අපරාධකරුවෙකි.

බ්‍රහස්පතින්දා ඝාතනය ඉලක්කය වූ මාළු කුමාර ලෙස හඳුන්වන මාළු ව්‍යාපාරිකයාගේ බිරිය චාමරගේ සමීප ඥාතියෙකි. චාමරට දැනෙන ලෙස පලි ගැනීමට වැල්ලේ සුරංග තෝරාගෙන  තිබුණේ මාළු කුමාර ලෙසින් ප්‍රකට මෙම ව්‍යාපාරිකයා ය.

පාතාලයේ ඝාතනවල ස්වරූපය අතිශයින්ම බිහිසුණු ස්වරූපයක් ගෙන ඇත්තේ ඊට ඉලක්කවන පුද්ගලයින් තමන් ඝාතන ඉලක්ක වන්නේ කුමණ හේතුවක් නිසාදැයිවත් නොදැනීමය.

මෙම  වෙඩි තැබීමෙන් මාළු ව්‍යාපාරිකයාගේ මව, 17  හැවිරිදි තරුණයෙක් සහ මාළු ව්‍යාපාරිකයා තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත් අඩංගුවටගත් පුද්ගලයින් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබේ.

Exit mobile version