රාගම මහබාගේ කප්පම් මැරයා එස්.ටී.එෆ් එකට කොටු වේ

මරණීය තර්ජන එල්ලකරමින්  රාගම සහ මහබාගේ පිහිටි වෙළද සැල්වලින් පමණක් නොව, පදික වෙළදාමේ නිරත අසරණ  වෙළෙන්දන්ගෙන් කප්පම් ගත් සාමාන්‍ය ජනජීවිතයට හිසරදයක් වූ  මැරයෙක්  අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය ඊයේ (18)  සමත් වූයේය.

දිනේෂ් කුමාර නොහොත් සබීත නැමැති මෙම සැකකරු ගැන විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ නිලධාරීන් දීර්ඝ ලෙස කරුණු රැස්කර තිබිණි.  මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී  ඔහුව  අත්අඩංගුවට පත්වන්නේ රාගම හොරපෙ දුම්රිය පොල ආසන්නයේදීය. මේ පුද්ගලයා ගමන් කරමින් සිටි රථය පරීක්ෂා කිරීමේ දී  ඔහු සන්තකයේ තිබී අත්බෝම්බයක්ද, කිනිස්සක්ද,කේරල ගංජා මිලි ග්රෑම් 150 ක්ද   තිබී ඇත.

ඔහු පදවමින් සිටි මෝටර් රථය ගැන කළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ පළාත්පාලන ආයතනයක මන්ත්‍රීවරයෙක් විසින් කුළි පදනම මත ලබාගෙන එය මේ කප්පම් කරුට භාවිතා කිරීමට ලබාදී ඇති බවය.


වයස අවුරුදු 34 ක් වන මෙම සැකකරුට එරෙහිව ගම්පහ අධිකරණළුය විසින් විවෘත වරෙන්තුවක්ද නිකුත්කර තිබේ. ඔහුට එරෙහිව වෙඩි තැබීම් සහ මංකොල්ලකෑම් සම්බන්ධයෙන් නඩු කිහිපයක්ද අධිකරණවල විභාග වන බවත් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශේෂ කාර්ය බලකායේ සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගේ උපදෙසින් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා  ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් මෙම සැකකරුව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම දියත්කර තිබුණි.

Exit mobile version