රළ ගොඩට එයි… සුනාමියක් නෙමෙයි!

තුෂාරී කළුබෝවිල –

මුහුදු රළ මීටර් දෙකක්, දෙකහමාරක් අතර උසකින් ඉළ යාමට සහ ඇතැම් ස්ථානවලින් යම් තරමකට ගොඩබිමට මුහුදු රළ පැමිණීමේ අවදානමක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ඒ අනුව කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ ආශ්‍රිත ජනතාව
සැලකිලිමත් වියයුතු වේ. මෙය සුනාමි තත්ත්වයක් නොවන බව ද අවධාරණය කෙරේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම මුහුදු ප්‍රදේශ විටින්විට රළු වන බැවින් ධීවර සහ නාවුක ප්‍රජාව ද වෙරළ ආසන්නයේ වෙසෙන ජනයා ද විමසිලිමත් වියයුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


Exit mobile version