රහසිගතව ජීවත් වෙමින් සිටි ලංකාවේ අයිඑස්. නායකයා පොලිසියට කොටු වේ..

ලංකාවේ තවමත් රහසිගතව ක්‍රියාත්මක වෙමින් ඇති අයි.එස්.අයි.එස්. සංවිධානයේ අප්‍රකට නායකයා දීර්ඝ රහසිගත මෙහෙයුමකින් අනතුරුව කාත්න්කුඩියේ දී අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් විමර්ශන කණ්ඩායමක් සමත් වූයේය.

මේ අන්තවාදී නායකයා 20 හැවිරිදි තරුණයෙකි. ඔහු සහරාන් හෂීම් සමග සම්බන්ධකම් ගොඩනගාගෙන ඇත්තේ වයස අවුරුදු 17 දී බව පොලිස් ආංචි මාර්ග හෙළි කරයි.

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබාගත් රැඳවුම් නියෝග මත මඩකලපු පොලිසියේ රඳවාගෙ සහරාන් සහ ඔහු අතර පැවති සංවිධාන ගිවිසුම් හා අනාගත සැලසුම් සම්බන්ධව දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිසිය ඉදිරි විමර්ශන කටයුතු කරගෙන යමින් ඇත.


Exit mobile version