රසායනාගාර සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ආනන්ද ජයලාල් තනතුරෙන් ඉවතට


නතාෂා නෙත්මිණි –

රසායනාගාර සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ආනන්ද ජයලාල්   වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත් කර ඇත‍.

කොවිඩ් වසංගතයට අදාලව රසායනාගාර සේවාව තුළ ඇති වූ බිද වැටීම් ගණනාවකට ඔහු වගකිව යුතු බව කියමින් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥවෘත්තීයවේදීන්ගේ සංගමය ඔහු ඉවත් කරන ලෙස ඉල්ලා චෝදනා 16ක් ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම දුන් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ්   සඳහන් කරයි.

වෛද්‍ය ජයලාල්   රසායනාගාර සේවාවේ වෘත්තිකයන් සමග හෝ වෘත්තීයවේදී ආයතන සමග හෝ රසායනාගාර සේවාවට අදාල ව පැන නැගෙන අවශ්‍යතා හා ගැටලු වෙනුවෙන් සාමුහිකව කටයුතු නොකිරීම හේතුවෙන් රසායනාගාර සේවාව බරපතල අර්බුදයකට ලක්වෙමින් තිබෙන බව සංගමය ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් කළේ යැයි ද කුමුදේශ  පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්  රාසයනාගාර තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පර්යේෂණ හා පුහුණු ලෙස කටයුතු කරන වෛද්‍ය ආර්.එම්.එස්.කේ.රත්නායක තමන් සිටින තනතුරේ වැඩ ආවරණය කරන අතරතුරම පත් කර තිබේ.

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥවෘත්තීයවේදීන්ගේ සංගමය විසින් රසායනාගාර සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්  වෛද්‍ය ආනන්ද ජයලාල් එම තනතුරින්  ඉවත් කරන ලෙස ඉල්ලා චෝදනා 16ක් ජනාධිපතිවරයාට යවා තිබුණු ලිපිය…


 

 

 

Exit mobile version