රඹුක්කන කලහකාරීන් ම ත්‍රීවීල්වලට ගිනි තියාගෙන! පොලිසිය බලය පාවිච්චි කළ හැකි ඇමති ප්‍රසන්න කියයි

Prasanna Ranatunga

රඹුක්කනදී ඊයේ හටගත් උද්ඝෝෂණය කලහකාරී මට්ටමට දුර දිග ගිය බවත් කලහකාරීන් ත්‍රීරෝද රථවලට ගිනි තබා ගත් අතර ඉන්ධන බවුසරයට ගිනි තබන්නට උත්සාහ කළ අවස්ථාවේදී පොලිසිය තමන්ගේ බලතල පාවිච්චි කරමින් තත්ත්වය පාලනය කළ බවත් මහජන අරක්ෂාව පිළිබඳව නව අමාත්‍ය ප්‍රසන්න රණතුංග අද පාර්ලිමේන්තුවේදී පැවසීය. මෙම සිදුවීමේදී පොලිසිය ක්‍රියා කර ඇත්තේ පොලිස් ආඥා පනතට අනුව සහ පොලිස් නියෝගවලට අනුව පමණක් බව පැවසූ පුසන්න රණතුංග අමාත්‍යවරයා එම බලතල එතන සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුට තනිව ක්‍රියාත්මක කළ හැකි බවද සඳහන් කලේය.

ඊයේ රඹුක්කන සිදුවීම පිළිබඳව පාර්ලිමෙන්කටෙව්දී අද විහෙශ්ෂ ප්‍රකාශයක් කළ රණතංග අමාත්‍යවරයා ඉයේ දිනපෙැය 10කට අධික කාලයක් තිස්සේ උද්ගෝෂනය කළ පුද්ගලයන් කල=හකාරී ලෙස බස් ගමනාගමනයට සහ දුම්රිය ගමනාගමනයට බාධා කරමින් හැසුරුණු බව ත් එයින් පාසල් දරුවන් ඇතුළු සාාන්‍ය ජනතාවට විශාල අපහසුතාවවකට පත් වූ බවත් පෙන්වා දුන්නේය.

එහිදී තවදුරටත් අදහස දැක්වූ අමාත්‍යවරයා
“මේ අකාරයෙන් කලහකාරී සෙ හැසිරුණු පුද්ගලයන් ත්‍රීවීල් රථයකට ගනි තබා ගත්තා. ඊට පස්සේ ඉන්දන ලීටර 33000ක තිබෙන බවසරයකටගනි තැබීමට උත්සාහ කළාත එසේ තිනි තැබුවා නම් අද රඹුක්කනක් නෑ. මේ නිසා පොලිසිය තමන්ගේ බලතල පාවිච්චි කළා. පොලිස් ආඥා පනතේ 56 වගන්තියට අනුවත් දණ්ඩ නිති සංග්‍රහය අනුවත් මේ ආකාරයෙන් ක්‍රියා කිරීම සඳහ නියෝග ලබා දීමට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුට බලය පැවරෙනවා.


රට පුරා ඇති මේ උද්ඝෝෂණ සඳහා නායකත්වය දුන් අනුබල දුන් අය වගකිව යුතුයි. ඊයේ සමාජ මාධ්‍ය විවිධ ප්‍රචාරයන් කළා. පොලිසිය මේ අය හඳුනාගෙන තිබෙනවා. සංවිධානය කිරීමට සමගි ජන බලවේග ජනතා විමුක්ති පෙරමුණේ අය සම්බන්ධ වී සිටිනවා. ඔවුන්ගේ ඡායාරූප වීඩියෝ තියෙනවා. රඹුක්කන සිද්ධියත් එවැන්නක්. උද්ඝෝෂණ සඳහා නායකත්වය අනුබල දුන් අය වගකියන්න ඕන.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපි රජයක ලෙස මෙ උද්ඝෝෂනයෙන් මිය ගිය අයගේ පවුලේ සාමාජිකනයන් වෙත අපේ කණගාටුව පළ කරනවා. සිද්ධියේදී තුවාල තැබූ උද්ඝෝෂණකරුවන් මෙන්ම පොලිසියේ සාමාජිකයන්ට අප ඉක්මන් සුවය පතනවා “ යනුනේද අමාත්‍යවරයා පැවසීය.

Exit mobile version