රනිල් පාර්ලිමේන්තු එන්නෙ නෑ,.. එකම ආසනයට ජ්‍යෙෂ්ඨයෝ කුලල් කා ගනිති

එජාපය අවුලෙන් අවුලට...

ඉතිහාසයේ සිදු වූ බිහිසුණුම පරාජයෙන් අනතුරුව ජාතික ලයිස්තුවෙන් හිමි කරගත් එකම එක මන්ත්‍රී ආසනය නියොජනය කිරීම සඳහා එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට නොපැමිණෙන බව එ.ජා.ප ආරංචි මාර්ග තහවුරු කරයි.

මේ වනවිට එකම මන්ත්‍රී ආසනය වෙනුවෙන් අකිලි  විරාජ් කාරියවසම් හෝ රුවන් විජේවර්ධන තෝරාගන්නට පක්ෂය සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.

අකිල හෝ රුවන් එම මන්ත්‍රී ධූරය වෙනුවෙන් යෝජනා කරත්ම   එ.ජා.ප ජ්‍යෙෂ්ඨයන් පක්ෂයට ලැබෙන එකම එක මන්ත්‍රී ධූරය  තමන්මිට හිමි කරගැනීමට කුලල් කා ගැනීමට පටන් ගෙන ඇතැයි එජාප ආරංචි මාර්ග පවසයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ මේ පොරය දැක්කම කලකිරෙනවා… පක්ෂයට හැමදාම උනේ මේකයි… මේ විරසකය දුරදිග ගියහොත් එ.ජා.ප බෝඩ් ලෑල්ලවත් ඉතිරි වෙන එකක් නෑ… “ කලකිරුණු එ.ජා.ප ජ්‍යෙෂ්ඨයෙක් ලංකාසරට පැවසීය.

Exit mobile version