රනිල් තවත් 600කට යනවා නම් යන්න කියයි

පක්ෂ විනය සහ නීති රීති කඩ කළ බවට කියන පළාත් පාලන නියෝජිතයන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු පක්ෂ සාමාජිකයන් 600කට අවශ්‍ය නම් පක්ෂයෙන් ඉවත් වන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකශ කර තිබේ.

මේ වනවිට මෙම පුද්ගලයන් 600කට ආසන්න ප්‍රමාණයකට විනය පරීක්ෂණ සඳහා සහභාගී වන ලෙස දින නියම කරමින් පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් විසින් ලිපි යවනු ලැබ ඇති අතර සෑම සති අන්තයකදීම මෙම විනය පරීක්සණ කමිටු පැවැත්වීමට කටයුතු කර ඇත.

මෙම විනය පරීක්ෂණ කමිටුවලටද අදාළ දැන්වීම් අනුව සහභාගී වන බොහෝ පිරිසක් ඇති අතර මේ පිළිබඳව පක්ෂ නායකයා සමඟ කරන ලද සාකච්ඡාවකදී අදාල සාමාජිකයන්ට මෙම විනය පරීක්ෂණ කමිටුවට සහභාගී වී පක්ෂයේ විනය නීතිවලට යටත්ව කටයුතු කළ නොහැකි නම් ඉල්ලා අස්ව යා හැකි බව දැනුම් දී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය බදාදා පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීද මෙසේ විනය පරීක්ෂණවලට සහභාගී නොවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 54 දෙනකු සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් 61 දෙනකු එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපා හැරීමට ඒකමතිකව තීරණය විය.

Exit mobile version