“රනිල්ට දියකඩිත්ත පෙන්නුවත් එයින් වතුර බීවේ නෑලු”

හිටපු බුද්ධි ප්‍රධානීයා කියයි

2001 වසරේදී එල්.ටී.ටී ඊ ත්‍රස්ත සංවිධානය සමඟ සටන් විරාමයක් ක්‍රියාත්මක වූ කාලයේදී බුද්ධි අංශ විසින් එම සංවිධානයේ ක්‍රියාකාරකම් පිළිබඳව කළ දැනුවත් කිරීම් සම්බන්ධයෙන් එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතා සැලකිය යුතු ප්‍රතිචාරයක් නොදැක්වූ බව එවකට හිටපු යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ සහ හිටපු බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් කපිල් හෙන්දාවිතාරණ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනපති කොමිසම හමුවේ අද (08) ප්‍රකාශ කළේය.

තමා යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක ලෙස 2001 වසරේදී සේවයේ නිරතව සිටි අතර එම වසරේ දෙසැම්බර් 24 වෙනිදා සටන් විරාම අවබෝධතා ගිවිසුම අත්සන් කිඑරීමට සූදානම් වන අවස්ථාවේ එය හරි යන එකක් නොවන බව තමා ලද තොරතුරු මත අගමැතිවරයාට දැනුම් දුන් බවත් හෙන්දවිතාරණ මහතා පැවැසීය.

සටන් විරාමය ඔස්සේ එල්.ටී.ටී.ඊ.ය සිදුකරන්නේ යුද්ධයකට සූදානම් වීමක් බවද දැනුවත් කළ බව ඔහු පැවැසීය.එසේ වුව ද හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සදහා සැළකිය යුතු ප්‍රතිචාරයක් නොදැක් වූ බව සදහන් කරන්නට වූයේ 2001 වසරේදී ඔබ යුද හමුදා බුද්ධි නිලදාරියෙක් ලෙස රාජකාරි කිරීමේදී ඔබට ලද බුද්ධි තොරතුරු පිළිබද එවකට සිටි අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කළේදැයි කළ විමසූ අවස්ථාවේදීය.


කොමිසම හමුවේ නැගූ මේ පැනයට පිළිතුරක් දෙමින් හෙන්දවිතාරණ මහතා පැවසූයේ අශ්වයාට වතුර පානය කිරීම සදහා දිය කඩිත්තක් ළගට ගෙනයාම කළ හැකි වුවත් බලෙන් වතුර පෙවීමක් කළ නොහැකි බවය.

රාජ්‍ය බුද්ධි සේවා ලොක්කා මඩකලපු බුද්ධි ලොක්කාටත් පාස්කු අනතුරු ඇඟවීම ලබා දී නෑ

පාස්කු ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් ජාතික බුද්ධි ප්‍රධානී මගින් පොලිස්පතිවරයාට යොමු කළ පූර්ව අනතුරු ඇගයීමේ බුද්ධි තොරතුර මඩකලපුව දිස්ත්‍රික් රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියාට යොමු කර නැති බව රාජ්‍ය බුද්ධි සේවයේ මඩකලපුව දිස්ත්‍රික්කය භාර ප්‍රධානියා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (07) හෙළි කළේය.

සහරාන් ඇතුළු කණ්ඩායමේ ක්‍රියාකාරීත්වය මඩකලපුව ආශ්‍රිතව පැවතුණු බැවින් එම බුද්ධි තොරතුර ඔහුට ඉතා වැදගත් වන බවත් මෙම පූර්ව අනතුරු ඇගයීම ගැන තමා දැනුවත් වූයේ නම් ප්‍රහාරය වලක්වා ගැනීමට සැළකිය යුතු යමක් කරන්නට තිබුණු බව ද ඔහු කොමිසම හමුවේ අවධාරණය කළේය.

ඊයේ (07) රාත්‍රියේ දීර්ඝ සාක්ෂියක් ලබා දෙමින් ඔහු තවදුරටත් සඳහන් කළේ ප්‍රහාරයට පෙර පූර්ව අනතුරු ඇඟවීමේ ලිපියක් රාජ්‍ය බුද්ධි සේවය විසින් නිකුත්කර ඇති බව පවා තමා දැනගත්තේ ප්‍රහාරයෙන් පසුව බවය එය තමා දැන ගන්නේද මාධ්‍යයෙන් බවත් ඔහු සදහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් එම ලිපිය තමා දුටුවේ කොමිසමේදී බවද ඔහු සදහන් කළේය.
රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂකවරයා තමාට තොරතුරු දැනුවත් නොකිරීමෙන් කර ඇත්තේ වගකීම් පැහැර හැරීමක් බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

Exit mobile version