රනිල්ගේ වාර්තාව ජීවන් කඩයි… ලංකා ඉතිහාසයේ ලාබාලම කැබිනට් ඇමති ජීවන් තොණ්ඩමන්!

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් කැබිනට් අමාත්‍යවරයා ලෙස ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන් ලංකා කම්කරු කොංග්‍රසයේ (සීඩබ්ලිව්සී) පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් ශ්‍රී ලංකාවේ කැබිනට් අමාත්‍යවරයකු ලෙස පත් වූ ලාබාලතම දේශපාලනඥයා බවට පත්වෙමින් ඉතිහාසය අලුත් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අභියස දිවුරුම් දෙමින් තොණ්ඩමන් විසින් බිඳ දමා ඇත්තේ මීට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්ම පිහිටුවා තිබූ වාර්තාවය.

එතෙක් ශ්‍රී ලංකාවේ ලාබාලතම කැබිනට් අමාත්‍යවරයා ලෙස ඉතිහාසගත වී සිටියේ 1977 දී ජේ.ආර්. ජයවර්ධන රජයේ වයස අවුරුදු 29 දී කැබිනට් ඇමතිවරයෙක් ලෙස දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොණ්ඩමන් ඊයේ (19) කැබිනට් ඇමති ධූරයේ දිවරුම් දෙනවිට ඔහුගේ වයස අවුරුදු 28කි.


Exit mobile version