රනිල්ගේ අගමැති හීනය ඉවර ද?.  කැඩුණු සජබ යළි එක් වෙයි… සජිත් 113 පෙන්වන බව කියයි!

පිහිටුවීමට නියමිත අන්තර්වාර ආණ්ඩුවේ අගමැති ධුරයට අවශ්‍ය බහුතර කැමැත්ත වූ පාර්ලිමේන්තුවේ 113ක ඡන්ද ප්‍රමාණය තමන් සතුව ඇති බව ජනාධිපතිවරයා වෙත ලිඛිතව දන්වා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.

මේ පිළිබඳව කළ විමසීමකදී   පක්ෂයෙන් වෙන් වීමට  තීන්දු කළ හරීන් ප්‍රනාන්දු ඇතුළු සියලුම මන්ත්‍රීවරුන් යළිත් සමගි ජන බලවේගය හා එක් වී  සිටින බව සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

එමෙන්ම ආණ්ඩුවෙන් වෙන් වී විපක්ෂයට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ  මන්ත්‍රී කණ්ඩායමේ ද, දෙමළ ජාතික සන්ධානයේ ද සහාය සහිතව බහුතරය දැනටමත් ජනාධිපතිවරයා වෙත පෙන්වා ඇති බවත්,  ඒ අනුව  පිහිටුවන නව රජයේ  අග්‍රාමාත්‍ය ධුරයෙහි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දිවුරුම් දෙන  බවත් එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා තහවුරු කළේය..

පොහොට්ටුව සමග කරන  ඩීල් වලින් තොරව,  හොරු ආරක්ෂා කිරීමේ සැලසුම් නොමැතිව,    සැබෑ ජනතා අභිලාෂයන් මුදුන්පත් කරවීමේ අරමුණින් නව අන්තර්වාර රජය ක්‍රියාත්මක වනු ඇතැයි ද ඔහු  කීවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අවසන් තීන්දුව ගැනීමට අද දක්වා ප්‍රමාද වූයේ ජනාධිපතිවරයා ජාතිය අමතා කියන දේ සම්බන්ධව නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Exit mobile version