රන්ජන් අහෝසිවීම නිසා හිස්වන මන්ත්‍රී ධුරයට අජිත් මාන්නප්පෙරුම?

රන්ජන් රාමනායකගේ මන්ත්‍රීධුරය හිස්වූ බවට පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දීමත් සමග එම අසුන වෙත ඊලඟට පත්වන්නේ සමගි ජන බලවේගයේ  මනාප ලයිස්තුවේ පස්වැනියාට පත් වී සිටින අජිත් මාන්නප්පරුම බව වාර්තා වේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රන්ජන් රාමනායකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 04ක සිරදඬුවම් නියම කරනු ලැබූ අතර සිය මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් ඔහු විසින් අධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමීමට අභියාචනාධිකරණය තීන්දු කිරීමත් සමග මෙම පුරප්පාඩුව ඇති විය.

පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව මෙම මන්ත්‍රීධුරය අහෝසි වීම පිළිබඳව දැන්වූ බව අද (07)    කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී සමගි ජනබලවේගය වෙත ආසන පහක් හිමි විය. රන්ජන් රාමානයක පාර්ලිමේන්තුවට පත් වී ආවේ දෙවැනියට මනාප ලබා ගනිමිනි. එම මනාප ලයිස්තුවේ 5 වන ස්ථානයේ සිටියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිති මාන්නප්පෙරුමය.

 

Exit mobile version