රත්මලාන ප්‍රසිද්ධ බිස්කට් කර්මාන්ත ශාලාවක සේවකයින් 23කට කොවිඩ් පොසිටිව්

රත්මලාන ප්‍රකට බිස්කට් කර්මාන්ත ශලාවක සේවක සේවිකාවන් 23 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වීමත් සමගම කර්මාන්ත ශාලාවේ එක් කොටසක කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

සේවක සේවිකාවන් 1500ක් පමණ සේවයේ යෙදෙන මෙම ආයතනයේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇත්තේ ගබඩා අංශයේ බව පැවසේ. එම නිශ්පාදන පසුගිය දින කීපය පුරාම රට පුරා බෙදා හැර ඇති බවත් හෙළි වී තිබේ.

අද (20) උදේ වරුවේ කර්මාන්ත ශාලාවේ සිදුකරන ලද   රැපික් ඇන්ටිජන්ට් පරීක්ෂාවක දී මෙම ආසාදිතයන් සංඛ්‍යාව හඳුනාගෙන තිබේ. මේ වනවිට ආසාදිත පිරිස කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථා වෙත යොමු කර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සේවක පිරිසක් කර්මාන්ත ශාලාව තුළම නිරෝධායනය කළ බව ප්‍රාදේශී්‍ය සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.

 

Exit mobile version