රත්මලාන කොවිඩ් හැදුණු කාන්තාවට කොවිඩ් ආසාදනය වූ අයුරු පැහැදිලි නෑ…

රත්මලාන  සඳුන්ගම  දී ඊයේ සවස (15) වාරතා වූ කොවිඩ් ආසාදිත කාන්තාවට කොවිඩ් වැළඳුණු ආකාය  සම්බන්ධව මූලාශ්‍රයක් සොයා ගැනීමට නොහැකි වීම පිළිබඳව ගැටලුවකට මැදිව ඇතැයි  ප්‍රාදේශීය සෞඛ්‍යය අංශ පවසයි.

දෙහිවල සුපිරි වෙළෙඳසල ඉදිරිපිට  පසුගිය 09 වැනිදාත්, කරගම්පිටියෙ පොළේ පසුගිය 10දාත් මෙම තැනැත්තිය මාළු වෙළෙඳාමේ නිරතව ඇති බව සෞඛ්‍ය අංශ පවසිය.

අදාල දිනවල එම ස්ථානයේ ගැවසුණු අය වෙත්නම් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක දැනුවත් කර ස්වයං නිරෝධායනයට ලක් වන ලෙස ප්‍රාදේශී්‍ය සෞඛ්‍ය අංශ දන්වා තිබේ.


ඇය විශාල ප්‍රදේශයක් තුළ සංචරණය  කර ඇති බවත්, සෞඛ්‍ය අංශ අශ්‍රිතයන් සොයා විශේෂ පරීක්ෂණයක් පවත්වමින් ඇති බවත් වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට අවට පවුල් 12ක් නිරෝධායනයට ලක් කර තිබේ.

 

Exit mobile version