රත්නජීවන් හූල්ගෙන් මව්බිම අයිති ටිරාන්ට අභියෝගයක්

ඒ පුවත්පත් ටොයිලට් පේපර් වගේ... පුලුවන්නම් 2005 දි එල්.ටී.ටී.ඊය එක්ක දාපු ඩීල් හෙළි කරන්න...

2005 වසරේ ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි වන ආකාරයෙන් කටයුතු කිරීමට  එල්.ටී.ටී.ඊ සංවිධානයට අල්ලස් ලබා දීම පිළිබඳව සියලු දේ හැකි නම් වහා හෙළි කරන්නැයි තමා මව්බිම සහ සිලෝන් ටුඩේ පුවත්පත්වලට අභියෝග කරන බව මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් පවසයි. මෙම පුවත්පත් කිසිදු අවස්ථාවක ජනතාව වෙනුවෙන් සත්‍යය ලිවීමේ පුරුද්දක් නොමැති බවත් විවිධ අර්බුද නිර්මාණය කිරීමට පමණක් ඔවුන් තම පෑන භාවිත කරන මේ පුවත් පත් වැසිකිලි යාමෙන්  අනතුරුව පසුපස ප්‍රෙද්ශය පිසීමට පමණක් සුදුසු බව  මහාචාර්ය හූල්, විදියල් වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් පවසයි.

මහාචාර්ය හූල් පවසන්නේ තම දියණිය සාර්ථක ව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ බවට සහතිකයක් යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය  අනිල් ජාසිංහගේ අත්සනින් යුතුව ලබා දී තිබියදී  දියණිය නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණ නොකළ බව පවසමින්අසත්‍ය පුවතක් මෙම පුවත්පත් පළ කළ බවයි. මෙම පුවත නිවැරදි කිරීමට තමන් පුවත් පත් සමාගමට කතා කළ මොහොතේ එම ප්‍රවෘත්තිය ආයතනයේ සභාපතිවරයා විසින්  මෙම පුවත සැපයු බැවින් එය නිවැරදි කිරීමට තමන්ටකළ නොහැකි බව පුවත් පතේ කර්තෘවරයා පැවසූ බව පවසන මහාචාර්ය හූල් එම පුවත් පත් ආයතනයේ තත්ත්වය  එවැන්නක් බව ද ප්‍රකාශ කොට තිබේ.

“මේක කිළිටි පත්තරයක්. ඒක සුදුසු ටොයිලට් පේපර් එකක ට පමණක් යයි  මම යළි යළිත් කියනවා.


පසුගිය දිනවල මතභේදයට ලක් වූ ඩෑන් ටීවී රූපවාහිනි නාළිකාවට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවද විකෘතිකොට පළ කර ඇති බව සඳහන් කළ මහාචාර්ය හූල් විදියල් වෙබ් අඩවියට මෙසේ ද පවසා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මම ඩෑන් ටීවී එකට දුන් සාකච්ඡාවේදී කිවේ ජනතාවට බොරු කරන අය ට ඡන්දය දෙන්න එපා කියලයි. එය මාර්තු 12 ව්‍යාපාරයේ මූලික ප්‍රතිපත්තියක්. මත් කුඩු ජාවාරම් කරන මත් ජාවාරම්  කරන ගණිකා ව්‍යාපරය කරන අයට ඡන්දය දෙන්න එපා කියල. ඒ ප්‍රතිපත්ති මැතිවරණ කොමිසමත් අනුමත කළා. සෙසු දේශපාලන පක්ෂ සහ මහජනතාවද එකසේ අනුමත කළා. මම යළිත් ඒ ගැන මතක් කළා. මම කීවේ නරක මිනිස්සුන්ට ඡන්දය දෙන්න එපා කියලයි. අනෙක මම කිව්ව කියල සිංහල භාෂාව කසලයි කියල.එය වැරදියි . මට සිංහල කියවන්න  බැහැ. මම කීවේ ඔවුන් සිංහලෙන් ලියන කසල දේවල් කියවන්න බැහැ කියල විතරයි. නමුත් ඔවුන් මා කෙරෙහි වෛරය උපදවන අකාරයට එය පළ කර තිබුණා. මම තවදුරටත් කිව්ව මව්බිම හෝ සිලොන් ටුඩේ පත්තර යම් පුද්ගලයකුට ඡන්දය දෙන්න කියල අනුමත කරනවා නම් ඒ බොහෝ විට නරක නුසුදුසු ඡන්ද අපේක්ෂකයෙක් විය හැකියි. ඔවුන්ට නම් ඡන්දය දෙන්න එපා කියල.

Exit mobile version