“රත්තරන් දොරටුව“ විවෘත විය….

ජනපති අගමැති අතින් විවෘතවූ රන් පිවිසුම

‘කල්‍යාණී රන් පිවිසුම’ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ   අතින් අද සවස  විවෘත වූයේය. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කළ  පාලම මෙයය.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව  උත්සවය සංවිධානය කළ බව රජය වාර්තා කළේය.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ අන්තයේ අවසානයේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරූ 6කින් යුත් මෙම පාලම එතැන් සිට ඔරුගොඩවත්ත දක්වාත්, ඉඟුරුකඩේ හංදිය දක්වාත්, වරාය පිවිසුම් මාර්ගය දක්වාත් මංතීරු 4ක් වන ආකාරයෙන්  විහිදෙන්නේය.


කල්‍යාණීපුර රන් පිවිසුම

මෙහි කැලණි ගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර් 380කි. පැකේජ දෙකක් යටතේ මෙම පාලමේ ඉදිකිරිම් කටයුතු සිදු කරනු ලැබ තිබේ.

පළමු පැකේජය වන වානේ නිමැවුම් පාලම් කොටස සදහා රුපියල් මිලියන 31,539ක් සහ දෙවන පැකේජය වන කොන්ක්‍රිට් එල්ලෙන පාලම් කොටස සදහා රුපියල් මිලියන 9,896ක් වැය කර ඇත.

ෙඑම ඉදිකිරීම් සිදුවූයේ ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ (JICA) මූල්‍ය යදායකත්වයෙනි

ජනාකීර්ණ පරිසරය හරහා ඉදිවන මෙම ව්‍යාපෘතියේ කැළණි තිස්ස වටරවුම ආශ්‍රිත භූමිය සහ නව කැළණි පාලමේ කෙලවරේ සිට ඔරුගොඩවත්ත මංසදිය දක්වා මාර්ගය දෙපසත් අලංකාර කිරිම සදහා ජාතික උද්භිත උද්‍යාන නිලධාරීන් විසින් නිර්දේශ කරන ලද කොබෝ නීල, ඇහැල, මැයි මාර, රොබරෝසියා, කහ මාර, රත්මල්, මී, කුඹුක්, නා, අරලිය, මගුල් කරද, නුග සහ මුරුත යනාදී ශාක ප්‍රභේද පමණක් රෝපණය කර ඇති අතර එම ශාක වෙත නොකඩවා ජලය සැපයීමට  භුගත ස්වයංක්‍රීය ජල නල පද්ධතියක් ද ඉදි කර ඇත.

දියුණු රටවල් පාලම් අලංකරණය කිරිම සදහා භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයන් කෙරෙහි අවධානය යොමු කරමින් මෙම පාලම  විදුලි ආලෝකකරණය කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ කටුනායක අධිවේගී මාර්ගය විවෘත වීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන නගරය හා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ එකිනෙකට සම්බන්ධ වීම නිසා කොළඹ නගරයට ඇතුල් වන වාහන සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් සිදුවී ඇති අතර එවැනි අධික වාහන සංඛ්‍යාවක් සඳහා වත්මන් කැලණි පාලමේ ධාරිතාවය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මහින්ද රාජපක්ෂ   ජනාධිපතිවරයා සහ මහාමාර්ග අමාත්‍යවරයා ලෙස  සිටි 2014 වසරේදී මෙම නව කැලණි පාලම ඉදිකිරිම සඳහා ගිවිසුම් අත්සන් කෙරිණි. එහි ඉදිකිරීම් ආරම්භ වුයේ 2017 වසරේදීය.

Exit mobile version