රට විසාලාවක් නොකර අගුළු දමන්න… ආණ්ඩුවේ දේශපාලන පක්ෂ 10ක් ජනපතිට ලිඛිතව දන්වති.

කීර්ති ප්‍රනාන්දු – 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අවම වශයෙන් සති තුනකට රට අගුළු දමන ලෙස ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිඛිතව දන්වා තිබේ.

වයස අවුරුදු 18ට වැඩි සමස්ථ ජනගහණය එන්නත් කරණය කර අවසන් කිරීමට තවත් සති 06ක් ගතවනු ඇති බවත්, එම ක්‍රියාදාමයේ ප්‍රතිඵල දැකීමට නම් තවත් මාසයක් පමණ ගතවනු ඇති බවත් ඒ සති 10 තුළ ලංකාව විසාලා මහනුවරක් වීමේ අවදානමක් ඇති බවටත් එම ලිපියේ දක්වා ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලංකා කාර්යාලය හා ප්‍රමුඛ පෙළේ වෛද්‍ය විශේෂඥවරුන් සමග එක් වී සකස් කළ වාර්තාව අධ්‍යයනයෙන් එය පැහැදිලි වන බවත් එම පක්ෂ ජනපතිට දන්වයි. මෙම දේශපාලන නායකයින් හත් වැදෑරම් යෝජනාවක් ඉදිරිපත් කර රට දැමන මෙන් ජනපතිගෙන් ඉල්ලා සිටිති.

අපේ ජනබල පක්ෂයේ අතුරලියේ රතන හිමි, ප්‍රජාන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ වාසුදේව නානායක්කාර, ලංකා සමසමාජ පක්ෂයේ තිස්ස විතාරණ, ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල, ජාතික කොංග්‍රසයේ ඒ.එල්.එම්. අතාවුල්ලා, එක්සත් මහජන පක්ෂයේ ටිරාන් අලස්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ජී.වීරසිංහ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අසංක නවරත්න, යුතුකම ජාතික සංවිධානයේ ගෙවිඳු කුමාරතුංග ගේ අත්සනින් යුතුව මෙම ලිපිය ජනපතිවරයා වෙත යොමු කර ඇත.

එම ලිපිය පහත දැක්වේ.




Exit mobile version