රට විකුණයි ද සැකයි – අස්ගිරි නා හිමි… අපේ හාමුදුරුවනේ… අහසින් කොටසකුත් ඉන්දියාවට විකුණලා – විමල්

මේ රට විකුණයි ද යන සැකය ජනතාවට මතුවී ඇතැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතරන නාහිමියෝ පැවසූහ.

රටක පාලකයන් ප්‍රථමයෙන්ම සිතිය යුත්තේ රට ගැන බව කී උන්වහන්සේ අද මේ රටේ ජනතාවට ජීවත් වීමට හෝ නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව මොනවා කරන්නත් රටක් තිබිය යුතු බවත් උන්වහන්සේ වදාළේ  රජයේ හවුල්කාර පක්ෂ 11 ක සාමාජිකයන් අද ( 24 ) දින උන්වහන්සේ බැහැදැක මුළු රටම හරි මගට   ජාතික ප්‍රකාශනය පිළිගැන්වූ අවස්ථාවේදීය.

උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්නේ  ජනතාව දැඩි පීඩනයට ලක්ව සිටින අවස්ථාවේ රජය විනිවිදභාවයකින්    තොරව සිදුකරන ඇතැම් කටයුතු ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන බවය.

මෙහිදී අදහස් පළ කළ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභික මහාචාර්ය පූජ්‍ය  මුරුද්දෙනිය ධම්මරතන හිමියෝ මෙසේ කීහ,

“වර්තමාන රජය බලයට පත් කිරීම සඳහා මහා සංඝරත්නය මෙන්ම රටේ ජනතාව දැඩි කැපවීමක් කළා. නමුත් ඒ අය බලාපොරොත්තු ආරක්ෂිතභාවය, සුරක්ෂිතභාවය, ආර්ථික සුබදායි භාවය අද වන විට කිසි කලෙකවත් නොවිරූ ආකාරයෙන් ගැටලු රැසකට මුහුණ පා සිටිනවා.


රටේ ජනතාව බහුතරයක් අද පෝලිම්වල පීඩා විඳිනවා. මුදල් තිබ්බත් ගන්න බඩු නෑ. මේ වගේ අවස්ථාවක බොර දියේ මාළු බාන්න ජ්‍යාත්‍යාන්තරයත්  මාන බලාගෙන ඉන්නවා. අපේම අය එයාලට උඩගෙඩි දෙනවා. අපිට පේන විදියට යට ගිය M C C ගිවිසුමත් ආයෙත් කරළියට එනවා වගේ. මොනව කරන්නත් රටක් තිබිය යුතුයි. සර්වපාක්ෂික සමුළුවක් කියන්නේ සියලු දෙනාම  එකිනෙකා ගැන අවබෝධයෙන් කටයුතු කළ යුතු අවස්ථාවක්.  ඒත් එතනදි මුදල් අමාත්‍යවරයා හැසුරුණු ආකාරය අපි දැක්කා. ඒකෙන් ප්‍රදර්ශනය වෙන්නේ එයාගේ දේශපාලන පරිණත භාවයක් නොමැති බවයි.

රටේ ජාතික ගැටලු ගැන සාකච්ඡා කරද්දී ඒ සාකච්ඡාවට සහභාගී වෙන අනෙක් පාර්ශ්ව සඳහා අවස්ථාව වගේම ඔවුන්ට නිසි ගෞරවය ලබා දිය යුතුයි. මේක ඉතාමත් අභියෝගාත්මක අවස්ථාවක්. සියල්ලට ම ප්‍රථමයෙන් රට ගැන සිතා කටයුතු කළ අවස්ථාවක්.

මෙහිදී විමල් වීරවංශ   කියා සිටියේ මේ වන විට රටේ අහසින් කොටසක් පවා ඉන්දියාවට විකුණා ඇති බවය.  මේ රටේ ජාතික පුරවැසි දත්ත තොරතුරු පවා ඉන්දියාවට ලබා දීමට වර්තමාන රජය කටයුතු කරමින් සිටින බවත්, මේ රට විකිණීමට කිසිදු අයකුට අවස්ථාව නොදෙන බවත්  හෙතෙම කීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අවස්ථාවට උදය ගම්මන්පිල,වාසුදේව නානායක්කාර, ටිරාන් අලස් , ගෙවිදු කුමාරතුංග ,රෝහණ ලක්ෂ්මන් පියදාස   සහභාගි වූ අතර එම පිරිස අස්ගිරි මහනාහිමි බැහැදැක ශ්‍රී දළදා මාලිගාව වෙත ගොස් ආගමික වතාවත් හි ද නිරත වූහ.

Exit mobile version