රට ලොක් ඩවුන් කරන්නැයි සෞඛ්‍ය බලධාරීන් රජයෙන් ඉල්ලයි

අමාතයංශ කාර්ය මණ්ඩලයටත් කොරෝනා එයි

පවතින තත්ත්වය තුළ දින කිහිපයක් රට යළි ලොක් ඩවුන් කිරීමකට ලක් කිරීම වඩාත් උචිත බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ බලධාරීන් රජයෙන් ඉල්ලා ඇතැයි ලංකාසරට වාර්තා වේ.

පසුගිය දින කිහිපයේදීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති අමාත්‍යංශ නිලධාරීන් සහභාගී වූ රැස්වීම් සාකච්ඡා කිහිපයකදීම මෙම තත්ත්වය පිළිබඳව යෝජනා කළද රටේ ආර්ථික ක්‍රියාවලිය අඩපණ වීමේ අවදානම මත මෙම තීරණය පිළිබඳව අදාල බලධාරීන් පසුබට වී ඇති බව ද මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

සෞඛ්‍ය බලධාරීන් මේ පිළිබඳව ලෝක සෞක්‍ය සංවිධානයේද උපදෙස් ගෙන ඇති අතර ඔවුන්ගේ ද මතය වී ඇත්තේ රෝගය පාලන කිරීමට රටට ගැලපෙන පියවර ගැනීම සුදුසු බව ය.


ඒ අනුව පවතින තත්ත්වය තුළ තවදුරටත් රෝගය පැතිරීමේ අවදානමක් පැවතීම හේතුවෙන් සෞක්‍ය බලධාරීන් රජයේ මේ ඉල්ලීම කර තිබේ.

විශේෂයෙන් ඇඳිරි නීතිය බලපවත්වන ප්‍රදේශවල පවා මේ වනවිට ක්‍රියාත්මක වන කර්මාන්ත ශාලා කිහිපයකම වසංගතය පැතිරී යාමේ අවදානමක් පවතින බවත් ඔවුන් හරහා තවදුරටත් මෙය ව්‍යාප්ත වීම පාලනය කිරීමටත් අවශ්‍ය බව සෞඛ්‍ය බලධාරීන් රජයට පෙන්වා දී ඇත.

ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්ත ශාලා ඇතුළු කර්මාන්ත ශාලා කළමනාකාරීත්වයන් මේ වනවිට තම වියදමින් පීසීආර් පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කරවා ගන්නා අතර ඔවුන් අතර ආසාදිතයන් සිටින බවටද සෞඛ්‍ය අංශවලට වාර්තා වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයේද ආයතන අංශයේ සේවකයකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති අතර අමාත්‍යංශය තුළ ඔහුගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීමේ කටයුතු සිදුවන බව වාර්තා වේ.

Exit mobile version