රට යළි විවෘත කිරීම ගැන තවමත් තීරණයක් නෑ

ශ්‍රියානි විජේසිංහ:

කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා ඇති රට නැවත විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සුදානම්ද යන්න තවමත් ප්‍රකාශ කර නොමැති බව වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සදහන් කරයි.

රට විවෘත කිරීමෙන් පසුව විදේශිකයන් මෙරටට පැමිණෙන බැවින් එය කොවිඩ් නැවත රටතුල පැතිරීමේ බරපතල අවදානමක් ඇති බැවින් එම අවදානමට මුහුණ දීමට සෞඛ්‍ය අමාත්‍යංශය පවතින වැඩපිළිවෙල කුමක්ද යන්න පිළිබදව මෙතෙක් පැහැදිලි කර නොමැති බවත්ප්‍රජාව තුළින් රෝගීන් හමු නොවුණ එකම රට ශ්‍රි ලංකාව බැවින් එම තත්ත්වය තව දුරටත් ආරක්ෂා කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය නිසි වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවත් ඔහු වෛද්‍ය ජයරුවන් මහතා අවධාරණය කරයි.


පාසල් නැවත විවෘත කිරිමත් විදේශිකයින් මෙරටට පැමිණීමත් හේතුවෙන් නැවත කොවිඩ් 19 වෛරසය පැතිර ගියහොත් එය ඉතා භයානක විය බවද ඔහු පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ නමුත් කොවිඩ් වෛරසයෙන් දැඩි බලපෑමක් එල්ලවන්නේ හෘද රෝග ඇතුළු බෝනොවන රෝගයන්ගෙන් පීඩාවිදින්නන්ට වන බැවින් ඔවුන්ව රැක ගැනිම සදහාද නව වැඩ පිළිවෙලක් කඩිනමින් සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය ක්‍රියා කල යුතුයැයිද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අවදාරණය කරයි.

Exit mobile version