රට බංකොලොත් කර ගෙවන්න හදන ඩොලර් මිලියන 500 බැඳුම්කරයට ආයෝජනය කළේ රාජපක්ෂලා…

පොහොට්ටුවේ හවුල්කාර ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපතිම හබරාදූවේ දී කියයි....

රටේ ඩොලර් සංචිත හිඳී ගිය මෙවැනි අතිශය තීරණාත්මක අර්බුදයක් සහිත අවස්ථාවක දී ජාත්‍යාන්තර ස්වයිරී බැඳුම්කර සඳහා ඩොලර් ගෙවීමට ඉක්මන් නොවී ඒ සඳහා කල් ඉල්ලා ගන්නා ලෙස ආර්ථික විශේෂඥයන් කියද්දී රට බංකොලොත්කර මේ ගෙවන්නට යන බැඳුම්කරවල ආයෝජනය කර ඇත්තේ රාජපක්ෂලා, කබ්‍රාල්ලා ඇතුලු ඔවුනගේ හිතවතුන් බව පොහොට්ටුවේ හවුල්කාර ප්‍රධානම පක්ෂයවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස අද ( 16) හබරාදූවේ දී ප්‍රකාශ කළේය.

ඔහු කියන්නේ රටේ ණය ගෙවන මුවාවෙන් රට බංකොලොත්කර  ගෙවන්නට උත්සාහ කරන මෙම ජාත්‍යාන්තර ස්වයිරී බැඳුම්කරය  සඳහා මහබැංකු අධිපති මේ තරම්  ඉක්මන් කරන්නේ ආයෝජනය කළ රාජපක්ෂලා ඇතුළු ඔවුන්ගේ හිතවතුන්ට සිදුවන පාඩුව මගහරවා ගැනීමට බවය.

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මෙසේ ද කීවේය.


“ඊයෙ පෙරේදා   විදේශ ණය බැඳුම්කර ආපසු ගෙවනවා කියලා මහැබංකුව අධිපතිවරයා කිව්වා.“

“ඩොලර් මිලියන 500ක්. කවුද ඩොලර් මිලියන 500ක   බැදුම්කරවලට  සල්ලි ආයෝජනය කළේ. මේ කාරණා හරියට දන්නෙ නෑ මිනිස්සු. ඔවුන් හිතන්නෙ ණය ගෙවන්න ලෑස්ති වෙනවා කියලා. “

“නෑ… ඇත්ත කාරණේ බැඳුම්කරවල ආයෝජනය කරලා තිබෙන්නේ රාජපක්ෂලගේ අජිත් නිවාඩ් කබ්‍රාල්ලගෙ ඥාතියො,  හිතවත්තු, මිත්‍රයො…. ඒ මිත්‍රයන්ට වැඩි ගාණක් සල්ලි දෙන්න තියන හින්දා තමයි ඔය බැඳුම්කර ඉක්මනින් ගෙවන්නෙ.“

“ලෝකයෙ ඉන්න සෑම ආර්ථික විද්‍යාඥයෙක්ම කියනවා, මේ වෙලාවෙ බැඳුම්කර ගෙවන්න ඕන නෑ  බැඳුම්කරවලට ගෙවන්න කල් ඉල්ලන්න. ලෝකයේ සෑම රටක්ම මේ වගේ ආපදා අවස්ථාවක ණය ගෙවන්න කල් ඉල්ලනවා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“දේශපාලනිකව මිනිස්සු මෝඩයො කරලා අඳබාලයො කරලා මිනිස්සුන්ගෙ ඇස් බන්දලා මිනිස්සුන්ට කියනවා අපි ණය ගෙව්වා කියලා. නෑ…  එහෙම වෙලා නෑ“

 

Exit mobile version