රට තිගස්වමින් ඇමෙරිකානු ආයතනය කළ පුරෝකථනයට වඩා දෙගුණයක් රෝගීන් දැන් ලංකාවේ!

ශ්‍රී ලංකාව පිළිබඳව මතභේදාත්මක පුරෝකතන කළ බවට විවේචනයට ලක්වූ ඇමරිකාවේ වොෂින්ටන් සරසවියට අනුබද්ධ සෞඛ්‍ය දත්ත හා විශ්ලේෂණ ආයතනය (IHME ) කළ පුරෝකථනයන් ද ඉක්මවමින් ඒ වන විට දෛනිකව රෝගීන් වාර්තා වන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි වෛද්‍ය චමල් සංජීව පවසයි.

එම දත්ත පුරෝකථන වලට අනුව ශ්‍රී ලංකාවේ දිනකදී වාර්තා වන covid මරණ ගණන අගෝස්තු මස 4 වැනිදා වැනි දා වාර්තා වී ඇත්තේ 47ක් ලෙසයි.

එසේ වුවද එදින එම සංඛ්‍යාව මෙන් දෙගුණයක් එනම් 94ක් මෙරට තුළ covid මරණ සිදු වූ බවද වෛද්‍යවරයා පෙන්වා දෙයි.


IHME විද්‍යාත්මක විශ්ලේෂණය අනුව මෙරට දෛනික කොවිඩ් මරණ ගණන අගෝස්තු මස 3 වැනිදා 47ක් ලෙස සඳහන් වන අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එදින සිදු වූ බවට තහවුරු කළ මරණ ගණන 76 කි .

ඔවුන්ගේ පුරෝකථන අනුව මරණ 94ක් වාර්තා වන්නේ සැප්තැම්බර් 13 වැනිදා වුවද ඊට මාසයකටත් පෙර කාලසීමාවක එම පුරෝකථන ඉලක්ක වෙත ළඟා වී තිබේ.

IHME දත්ත වලට අනුව ශ්‍රී ලංකාවේ දෛනික වාර්තා වන උපරිමය ලෙස සඳහන් කර ඇත්තේ ඔක්තෝබර් 10 වනදා ය.

එය මරණ 267 ක් වශයෙනි.

ශ්‍රී ලංකාවේ ලබන නොවැම්බර් පළමුවනදා වන විට සිදු වන සමස්ත කොවිඩ් මරණ ගණන 9487ක් ලෙස එම ආයතනය පූරෝකථනය කර තිබේ.

එම දිනය වන විට මෙරට සිදුවනු ඇති දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 181ක් ලෙස දක්වා ඇත .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේ වුවද මේ වන විට ශ්‍රී ලංකාවේ දෛනිකව සිදුවන මරණ සංඛ්‍යාව සියයට 100 ට ආසන්න වෙමින් පවතින අතර, බලධාරීන් මෙන්ම ජනතාව වගකීමෙන් යුතුව කළමනාකරණය නොකළහොත් මෙම පුරෝකථනයන් ද ඉක්මවමින් ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගත තත්වය තත්ත්වය විනාශකාරී තත්ත්වයකට යා හැකි බව එම වෛද්‍යවරයා තවදුරටත් ලංකාසර වෙත සඳහන් කළේය.

Exit mobile version