රට ගොඩනැගීමට මහින්ද රාජපක්ෂගේ අත්දැකීම් අවශ්‍ය බව මහින්ද අමරවීර කියයි!

අංජුල මහික වීරරත්න-

රට ගොඩ නැඟීමෙි ගමනට පොදුජන පෙරමුණේ   නායක මහින්ද රාජපක්ෂ මහතාගේ අත්දැකීම් ද ලබාගත යුතු බව කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර  පැවසීය.

ජනාධිපති රටේ සියලුදෙනාගේ සහයෝගය මත කටයුතු කරන අතර මේ පක්ෂවල සිටින  ජ්‍යෙෂ්ඨ  අයගේ අත්දැකීම් අවශ්‍ය බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සියලු පක්ෂවල දැනීම තියෙන අය එකතු වී සහයෝගය දීම රට දිනවීමේ වැඩපිළිවෙලට අවශ්‍ය බවද මහින්ද අමරවීර   කීය.

කළ යුත්තේ ආණ්ඩු වට්ටලා, රට විනාශ කර බලය ලබා ගැනීම නොව සර්ව පාක්ෂික රජයට එක්වී රට දිනවීමේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම බවද අමාත්‍යවරයා සඳහන් කළේය.


 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප –

Exit mobile version