රට ගිනි ගනිද්දී ක්‍රිකට් ලොක්කෝ සුඛොපභෝගී රට සාවරියක…

sri-lanka-cricket

ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටල ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක පමණක් සහභාගීවන  ඩුබායිහි අයිසීසී මූලස්ථානයේ  පැත්වෙන  අයි.සි.සී සාමාජිකයන්ගේ  වාර්ෂික රැස්වීම වෙනුවෙන් ශ්‍රි ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්  හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වීම දැඩි ආන්දෝලනයකට ලක් වී තිබේ.

දෛනිකව ඩොලර් හාරසීයක දීමනාවක් සහිතව ව්‍යාපාරික පන්තියේ ප්‍රවේශපත්‍ර වෙන්කරගෙන මෙම කණ්ඩායම සුඛෝපභෝගී සංචාරයක නිරතවෙමින් ඇත්තේ රට ආර්ථිකව අන්තරයමට බිඳ වැටී  ක්‍රීඩා කිරීමට  රටක් අහිමි වෙමින් ඇති වටපිටාවක බව ක්‍රිකට් පරිපාලන ආරංචි මාර්ග අප සමග පැවසුවේ දැඩි කණස්සල්ලෙනි.

මේ වනවිට ඩුබායි හි මෙම සුඛෝපභෝගී සංචාරයේ නිරතවන පිරිස වන්නේ  ඈෂ්ලි ද සිල්වා (ප්‍රධාන විධායක, )ශම්මි සිල්වා ( සභාපති) , මොහාන් ද සිල්වා ( ලේකම් ), රවින් වික්‍රමරත්න ( උප සභාපති), සුජීව ගොඩලියැද්ද (උප භාණ්ඩාගාරික),  ක්‍රිෂාන්ත කපුවත්ත (උප ලේකම්)   සහ  ටනේශ් ඩයස් (මානව සම්පත් කටයුතු කළමනාකාරු ) ය.

මේ අය සතියකට අධික කාලයක් ඩුබායිහි රැඳී සිටිති.


මේ පිලිබඳව කළ විමසීමක දී ක්‍රිකට් පරිපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කළේ  ඩුබායි, ඕස්ට්‍රේලියා හා එංගලන්තයේ කුමන හෝ සංචාරයක් යෙදුනත් ක්‍රිකට් විධායකයේ ඉහළම නිලධාරීන් එම සංචාරයන්හි අවස්ථාවක් ඩැහැ ගැනීමට බලා සිටින බවය.

මේ රටවල තම ඥාති මිත්‍රයන් හමුවී ඔවුන්ගේ නිවෙස්වල රැඳී සිට හෝටල් ගාස්තුව සාක්කුවේ දමා ගන්නා පිරිස අතරේ ප්‍රමුඛව සිටිනා වත්මන් උප සභාපති රවින් වික්‍රමරත්න     ලේකම් ලෙස කටයුතු කළ කාලයේ පටන් මේ දක්වා  ක්‍රිකට් පාලක මණ්ඩලයේ වියදමින් ලබාගෙන ඇති   විදෙස් සංචාර ගණන පනහ ඉක්මවන බව එම ආරංචි මාර්ග කියයි.

විධායක සභාවේ අයකු විදෙස් රටකට යන විට දිනකට ඩොලර් 400 ක දීමනාවක් හා ව්‍යාපාරිකය පන්තියේ ගුවන් ප්‍රවේශ පත්‍රයක් හිමි වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ව්‍යාපාරික පන්තියේ ගුවන් ප්‍රවේශ පත්‍රය වෙනුවට සාමාන්‍ය පන්තියේ ප්‍රවේශ පත්‍ර දෙකක් ලබා ගෙන තම බිරින්දෑවරුන්ද රැගෙන යාම මේ සමහරුන්ගේ සිරිත බව එම ආරංචි මාර්ග කියයි.

Exit mobile version